ඇබ්බැහි විය හැකි මත්ද්‍රව්‍ය වර්ග 648ක් හඳුනාගෙන තිබෙනවා.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විවිධ ලෙස උත්සහ කළත් වැටලීම් සෘජුව සිදු වෙනවා.
ජනතාව දන්නා සියලු තොරතුරු ජනාධිපති කාර්යසාධක බලකායට ලබාදෙන්න.
බොරු මත ඔස්සේ පාසල් දරුවන් මත්ද්‍රව්‍යයට ඇබ්බැහි කරගන්නවා යැයි මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ ජනාධිපති කාර්යය සාධක බලකායේ අධ්යක්ෂ වෛද්‍ය සමන්ත කිතලවආරච්චි මහතා පවසයි.
මතින් නිදහස් රටක් මත්ද්‍රව්‍ය නිවරණ කළුතර දිස්ත්‍රික් වැඩසටහන පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවට අද (17) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී සහභාගී වෙමින් මෙ බව පැවසී ය.
මත්ද්‍රව්‍ය වැටලීම් රැසක් සිදු වෙනවා.
ත්‍රිවිධ හමුදාව පොලීසිය මෙම වැටලීම් සිදු කරනවා.
762ක් වන ග්‍රාම නිලධරී කොට්ඨාශ මට්ටමින් ග්‍රාමීය කමිටු පිහිටුවා තිබෙනවා.
ජනාධිපති කාර්යය සාධක බලකාය සෘජු මැදිහත්වීමක් සිදු කරනවා.
කළුතර දිස්ත්‍රික් වැඩසටහනට ග්‍රාම නිලධරී කොට්ඨාශ සියල්ල නියෝජනය කරන 8000ක් පමණ සහභාගී වෙනවා.
එදිනටමත්ද්රව්ය නිරීක්ෂණ කිරීමට පිහිටුවා ඇති මධ්‍යස්ථානයේ වෙබ් අඩවිය විවෘත කිරීම ද සිදු වෙනවා.
මේ වනවිටත් ඇබ්බැහි විය හැකි මත්ද්‍රව්‍ය වර්ග 648ක් හඳුනාගෙන තිබෙනවා.
තරුණ පරපුර අතර මෙය පැතිරෙනවා.නීති හඳුනාවා දෙමින් නීති දැඩි කිරීමට කටයුතු කරනවා.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විවිධ ලෙස උත්සහ කළත් වැටලීම් සෘජුව සිදු වෙනවා.
ජනතාව තමන් දන්නා සියලු තොරතුරු ජනාධිපති කාර්යසාධක බලකායට ලබාදෙනවා නම් වැදගත්.
දූරකතන අංකය-0114354614.වසර 2015 දී මත්ද්‍රව්‍ය නිසා සිදු වූ සෞඛ්‍ය හානීයේ වටිනාකම රුපියල් බිලියන 145ක්.මෙය අභාග්‍යයක්.
හෙරොයින් භාවිතය නිසා පුනරුත්ථාපනය විය යුතු 65,000ක් පමණ සිටිනවා.මත්ද්‍රව්‍ය පාසල් දරුවන් වෙත රිංගලා.ඔවුන් බොරු මත ඔස්සේ එය කරන්නේ.
මෙය සියලු දේ වැටලීමට කටයුතු කර තිබෙනවා යැයි ද වෛද්‍ය කිතලවආරච්චි මහතා පැවසී ය.
අදහස් 1ක් ඇත
math warga ( beaucoups, ) 648
නව අදහස දක්වන්න