Monday, ජූලි 17, 2017 - 15:30
සබරගමුව පළාතේ සමුපකාර සේවකයින්ගේ වැටුප කඩිනමින් වැඩිකරන ලෙස පළාත් ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් මහතා පසුගියදා නිලධාරින් වෙත උපදෙස් දෙනු ලැබීය.
මහීපාල හේරත් මහතා මෙලෙස උපදෙස් දෙනු ලැබුවේ 95 වන ජාත්‍යන්තර සමුපකාර දිනය සමරනුවස් රඹුක්කන බතමුරේ ක්‍රීඩා පිටියේ පැවති උත්සවයට එක්වෙමිනි.
මෙහි දි අදහස් දක්වමින් ප්‍රධාන අමාත්‍යවරයා පැවසුවේ සබරගමුවේ සමුපකාර සේවකයින්ගේ මාසික වැටුප රුපියල් 1000 සිට 5000 දක්වා කඩිනමින් ඉහල දැමිමට කටයුතු කරන ලෙසය.
සබරගමුව පළාතේ සමුපකාර ව්‍යාපාරයේ 2700 ක් පමණ සේවකයින් සේවය කරති. එම සේවකයින් සඳහා විශ්‍රාම වැටුප, සේවක අර්ථසාධක අරමුදලේ දායකත්වය ද හිමි වී ඇත.
මෙම අවස්ථවට පළාත් සභා මන්ත්‍රි අතුල හඳගම, ප්‍රධාන අමාත්‍යංශයේ ලේකම් කපිල පෙරේරා, නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (ක්‍රම සම්පාදන) පරාක්‍රම පියසේන, නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (මුල්‍ය කළමනාකරණ) ඒ. එම් ඥානසේන සහ සමුපකාර සංවර්ධන කොමසාරිස් බී.එම්.පී.එන්. බෙලිගම්මන යන මහත්වරුන් එක්ව සිටියහ.
අදහස් 1ක් ඇත
ane ! padi wadi karanna,
නව අදහස දක්වන්න