ජෙනිෆර් ඩුබායි යයි | දිනමිණ

ජෙනිෆර් ඩුබායි යයි

සුපිරි ගායකයකු හෝ ගායිකාවකගේ සංගීත ප්‍රසංගයකදී සාදයක් පවත්වන්නේ නැහැ. නමුත් ජෙනිෆර් ලොෆෙස් නම් තමන්ගේ ගීත ප්‍රසංගයකින් පසුව සාදයක් පවත්වන්නටයි බලාපොරොත්තු වන්නේ. මේ ප්‍රසංගය පවත්වන්නේ ලබන නොවැම්බර් මාසයේදී, ඩුබායිවලදී යි.

මීට කලින් ඇය 2014දීත් මැදපෙරදිග රටවල් කිහිපයක සංගීත ප්‍රසංග පැවැත්වූවා. ඒ ප්‍රසංග මාලාව නම්කර තිබුණේ ‘Dance Again’ යනුවෙන්. ජෙනිෆර් පළමු වතාවටයි මැදපෙරදිග රටවල එලෙස ගීත චාරිකාවකට එක්වුණේ. ලෙබනනයේදී එරට ජාතික දිනය යෙදී තිබූ දා පැවැත්වූ ප්‍රසංගයේදී ඇය එරටෙහි ජාතික කොඩිය එසවූයේ කාගේත් ප්‍රීති ඝෝෂා මැද්දෙයි. ජෙනිෆර් පවසන්නේ ඩුබායි ප්‍රසංගයට අලුත් අංග කිහිපයක්ම එක් කරන්නට බලාපොරොත්තු වන බවයි.

නව අදහස දක්වන්න