ශිෂ්‍යත්ව විභාග ප්‍රවේශපත් විදුහල්පතීන්ට තැපැල් කරලා | දිනමිණ

ශිෂ්‍යත්ව විභාග ප්‍රවේශපත් විදුහල්පතීන්ට තැපැල් කරලා

සිතාරා‍ සේනානි

මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රවේශ පත්‍ර අදාළ පාසල්වල විදුහල්පතිවරුන් වෙත මේ මස 14 වැනිදා තැපැල් කර යැවූ බව විභාග කොමසාරිස් ජෙනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා පවසයි.

ප්‍රවේශ පත්‍රවල සංශෝධන සිදුකිරීමට අවශ්‍ය නම්, අදාළ විදුහලේ විදුහල්පති මඟින් ලබන අගෝස්තු 01 වැනිදාට පෙර විභාග ෙදපාර්තමේන්තුවේ පාසල් විභාග සංවිධාන ශාඛාව වෙත යොමු කර අදාළ සංශෝධන සිදුකර ගත යුතු බවද ඒ මහතා දැනුම් දෙයි.

මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ලබන අගෝස්තු 20 වැනිදා පැවැත්වෙන අතර, එම විභාගය සඳහා අයදුම්කරුවන් 356728ක් පෙනී සිටීමට නියමිත ය. මෙවර විභාගය සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 493ක් යටතේ දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3014 කදී පැවැත්වේ. 

 

නව අදහස දක්වන්න