විද්‍යා ඝාතන නඩුව: යාපනය මහාධිකරණයේදී අද යළි ඇරැඹේ | දිනමිණ

විද්‍යා ඝාතන නඩුව: යාපනය මහාධිකරණයේදී අද යළි ඇරැඹේ

කමනි අල්විස්

සිවලෝගනාදන් විද්‍යා දැරිය පැහැරගෙන ගොස් සමූහ දූෂණයට ලක් කර ඝාතනය කිරීමේ නඩු විභාගය ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ යාපනය මහාධිකරණයේදී අද (18) නැවත ආරම්භ වෙයි.

විමර්ශන සාක්ෂි සහ අන්‍යස්ථානික භාවය පිළිබඳ සාක්ෂි විමසීම අද සිට මෙම 20දා දක්වා සිදු වෙයි. ප්‍රධාන සාක්ෂි විමසීම අවසන් වී ඇත.

මහාධිකරණ විනිසුරු බාලේන්ද්‍රන් ශෂී මහේන්ද්‍රන් මහතාගේ සභාපතිත්වයෙන් මහාධිකරණ විනිසුරු අත්තලිංගම් ප්‍රේමශංකර් සහ මහාධිකරණ විනිසුරු මානික්‍යවාසගර් ඉලංවේලියන් මහත්වරුන්ගෙන් හෙබි ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ නඩු විභාගය සිදු වෙයි.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරල් ඩී.එස්.ජී. කුමාරරත්නම් මහතා පැමිණිල්ලේ සාක්ෂි මෙහෙයවීම සිදු කරයි. රජයේ අධිනීතිඥ එන්. නියාස් මහතා ඇතුළුව රජයේ අධිනීතිඥ ජයලක්ෂි සිල්වාසහ රජයේ අධිනීතිඥ මාදිනී විග්නේෂ්වරන් මහත්මීහු පැමිණිල්ලට සහාය දක්වති.

 

නව අදහස දක්වන්න