යාපනයේ ජනතාවට ප්‍රතිලාභ හිමි කරදීමට සංවර්ධන වැඩසටහන් රැසක් | දිනමිණ

යාපනයේ ජනතාවට ප්‍රතිලාභ හිමි කරදීමට සංවර්ධන වැඩසටහන් රැසක්

බුද්ධිකා ඉඹුලාන

යාපනය දිස්ත්‍රික්කයේ ජනතාවට ප්‍රතිලාභ හිමි කරදීම අරමුණු කරගෙන සංවර්ධන වැඩසටහන් රැසක් බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු ඇමැති ඩී.එම්. ස්වාමිනාදන් මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරණි.

තල් ආශ්‍රිත නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීම හා ඒ ආශ්‍රිතව කර්මාන්ත සඳහා ජනතාව යොමු කිරීම අරමුණු කරගෙන නාවට්කුලි තල් සංවර්ධන පර්යේෂණ ආයතනයට මුල්ගල තැබීම සිදු කෙරණි. මේ දෙමහල් ගොඩනැඟිල්ලට වැය කරනු ලබන මුදල රුපියල් මිලියන 75කි. 2019 වර්ෂය වන විට මෙහි ඉදිකිරීම් අවසන් කිරීමට නියමිතව ඇත. තල් සංවර්ධන මණ්ඩලයට අයත් දෙමහල් සම්මන්ත්‍රණ ශාලාව ද මෙහි දී විවෘත කරනු ලැබීය. තල් සංවර්ධන ආශ්‍රිත නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගෙන ප්‍රතිලාභීන් 60 දෙනකුට මූල්‍ය ආධාර ලබාදීම ද මෙහි දී සිදු කෙරිණි.

කඩ කාමර 45කින් සමන්විත මනිපායි වෙළෙඳ සංකීර්ණයට මුල්ගල තැබීම ද සිදු කළ අතර මේ දෙමහල් ගොඩනැඟිල්ලට රජය වැය කරනු ලබන මුදල රුපියල් මිලියන 45කි. කඩ කාමර 36කින් යුත් චන්කානෙයි වෙළෙඳ සංකීර්ණයට මුල්ගල තැබීම ද ඇමැතිවරයා සිදු කළ අතර රජය විසින් ඒ සඳහා වැය කරනු ලබන මුදල රුපියල් මිලියන 80කි.

තව ද කන්කසන්තුරෙයි යා/නඩේස්වර විද්‍යාලයේ දෙමහල් ගොඩනැඟිල්ල විවෘත කළ අතර එයට වැය කළ මුදල රුපියල් මිලියන 10කි. කෝපායි නිර්වේලි කාමච්චි අම්බාල් යකඩ වැඩපොළ හා අලෙවි මධ්‍යස්ථානය විවෘත කිරීම ද ඇමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණු අතර මේ සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 7කි.

උතුරු පළාත් මහ ඇමැති සී.වී.විග්නේෂ්වරන්, නොත් සී ලිමිටඩ් ආයතනයේ සභාපති ටී. පරමේෂ්වරන්, තල් සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සිවසන්කර, ඇමැති සම්බන්ධීකරණ ලේකම් පී. කොස්තා මහත්වරු ද මේ අවස්ථාවට සහභාගි වී සිටියහ. 

නව අදහස දක්වන්න