අනේ කූඩැල්ලෝ | දිනමිණ

අනේ කූඩැල්ලෝ

ජනප්‍රිය සිනමා නිළි උදාරි පෙරේරා දර්ශන තලය දෙවනත් වෙන්න කෑ ගැහැව්වලු පසුගිය දිනෙක. කල්්‍යාණ චන්ද්‍රසේකරගේ සේයා සිනමාපටයේ රූගත කිරීමක් අතරතුරදියි මේ සිදුවීම වෙලා තියෙන්නේ. එහි දර්ශන තල තිබිලා තියෙන්නේ රිවස්ටන්වල. දන්නවනෙ ඉතින් ඒ පැත්තේ හරියට කූඩැල්ලො ඉන්නවනේ. උදාරි හරි බයයිලු කූඩැල්ලන්ට. ඇය රිවස්ටන් ගිය වෙලාවේ ඉඳලා කූඩැල්ලන් ගැන දැඩි ලෙස අවධානයෙන් හිටියලු. එහෙම වුණාට වැඩක් නැහැ. කුඩැල්ලෙක් උදාරිගේ සියුමැලි අත උඩට නැගලා ලේ බොනවලු. ඒක කියලා තියෙන්නේ හිතවතෙක්. උදාරි එකපාරටම කෑමොර දීලා. ඒ සද්දේ අවට දෙවනත් වෙන්නම ඇහුනලු. කොහොමද කූඩැල්ලගෙ පවර් එක.

අදහස් 1ක් ඇත

jaiyf

නව අදහස දක්වන්න