වාරියපොළ පානීය ජල ව්‍යාපෘති දෙකකට මුල්ගල | දිනමිණ

වාරියපොළ පානීය ජල ව්‍යාපෘති දෙකකට මුල්ගල

දශක ගණනාවක් තිස්සේ ජනතාවගේ කැකෑරුන ප්‍රශ්න විසදලා දෙන්න මම ඉදිරිපත් වෙලා තියෙනවා. ජනතාව වෙනුවෙන් දරුවන් වෙනුවෙන් දරුවන්ට නිසි අධ්‍යාපනයක් හා උසස් මට්ටමේ පාසලක් ලබාදෙනවා. ගමට තම පවුලට ආඩම්බරයක් විය හැකි උගත් දරුවෙක් නිර්මාණය කරනවා යැයි අභ්‍යන්තර කටයුතු වයඹ සංවර්ධන සංස්කෘතික කටයුතු ඇමැති එස්.පී. නාවින්න මහතා වාරියපොළ මැතිවරණ කොට්ඨාසයේ පානිය ජල ව්‍යාපෘති දෙකකට මුල්ගල තබමින් පැවැසීය. කටුවන කොස්ගොල්ල පහළකොළමුණේ හා බමුණාකොටුව කෝන්ගොල්ල ජල ව්‍යාපෘති දෙක සදහා මුල්ගල තබමින් ඇමැතිවරයා එසේ කීවේය. රු. ලක්ෂ 600ක වියදමින් මේ ජල ව්‍යාපෘති දෙක ආරම්භ කෙරුණි.එහිදී ඇමැතිවරයා මෙසේද කීය. නගරයට පමණක් සීමා වූ ජනප්‍රිය පාසල් සංකල්පය අද ගමට රැගෙන ආවා. ජනාධිපතිගේ උපදෙස් පරිදි වාරිපපොළ ප්‍රදේශයේ කඩවත් කැළේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයිති ඉඩමේ අක්කර 10 ක් වෙන් කර කුරුණෑගල මලියදේව පිරිමි විදුහලට සමාන ජාතික පාසලක් ආරම්භ කිරීමට කටයුතු සූදානම් කර තිබෙනවා.

වාරියපොල පුදේශයේ පානිය ජල ප්‍රශ්නය විසදීම සදහා වාරියපොළ රඹෑව පානිය ජල යෝජනා ක්‍රමය හා කටුපොත බමුණාකොටුව ජල ව්‍යාපෘතිය ආරම්භ කරනවා. වයඹ සංවර්ධන අමාත්‍යංශයේ ප්‍රතිපාදනවලින් මිලියන 11000ක වියදමින් මේ ජල යෝජනා ක්‍රම දෙක ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලය විසින් ඉදි කිරීමට ක්‍රියා කරනවා. එමගින් පවුල් 8000 කට සෙත සැලසෙනවා.

මාවතගම සමූහ කේ. සෙනරත් බණ්ඩාර

නව අදහස දක්වන්න