තඹලගමුව මොලේගෙදර මාර්ගය සංවර්ධනයට | දිනමිණ

තඹලගමුව මොලේගෙදර මාර්ගය සංවර්ධනයට

ත්‍රිකුණාමලය විශේෂ ඒ. ටි. එම්. ගුණානන්ද

වත්මන් රජයේ ග්‍රාම රාජ්‍ය සංකල්පය යටතේ තඹලගමුව ගල්මැටියාව උතුර ග්‍රාම නිලධාරි වසමේ මොලේගෙදර මාර්ගය සංවර්ධනය කිරීම එක්සත් ජාතික පක්ෂ නැගෙනහිර පළාත් සභා මන්ත්‍රී වෛද්‍ය අරුණ සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි.

වසර ගණනාවකින් පිළිසකර නොවූ මෙම මාර්ගය සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන මහා මාර්ග හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ලබාදි තිබේ. මේ මගින් පවුල් 70කට ප්‍රතිලාභ ලැබෙන අතර තඹලගමුව ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී උපුල් ප්‍රියන්ත මහතාගේ ඉල්ලීමකට අනූව මෙම සංවර්ධන කටයුතු ආරම්භ කරනු ලැබ තිබුණි.

බෝක්කු යොදා මාර්ගය අලුතින් සකස් කිරීම, මෙම සංවර්ධන කටයුතුවලට අයත්වන බව මෙහිදී මන්ත්‍රීවරයා පැවැසීය. 

නව අදහස දක්වන්න