Saturday, ජූලි 22, 2017 - 18:15
නල්ලූර් ප්‍රදේශයේදී ඊයේ සිදුවූ වෙඩි තැබීමට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුගේ වැඩිමහල් සොහොයුරා සහ තවත් ඥාතියෙකු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ.
පොලිස් කණ්ඩායම් කිහිපයක් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.
නල්ලූර් වෙඩි තැබීම - සැරයන් මිය යයි - update
යාපනය මහාධිකරණ විනිසුරු එම්. ඉලංචේලියන් ඉලක්ක කර ගනිමින් නල්ලුර් ප්‍රදේශයේ දී සිදු වූ වෙඩි තැබීමෙන් තුවාල ලබා රෝහල් ගත කර සිටි පොලිස් සැරයන්වරයා මිය ගොස් තිබේ.අද අළුයම මිය ඔහු මිය යන විට 57 හැවිරිදි වියේ පසුවිය.
විද්‍යා ඝාතන නඩුවේ විනිසුරුවරයෙකුට වෙඩි - update
විද්‍යා ඝාතන නඩුවේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සමාජික මහාධිකරණ විනිසුරු එම්. ඉලන්චේලියන් ඉලක්ක කර වෙඩි ප්‍රහාරයක් එල්ල වි තිබේ.
ඒ යාපනය, නල්ලූර් ප්‍රදේශයේ දීය.
සිද්ධියෙන් තුවාල ලැබූ පොලිස් නිළධාරියෙකු යාපනය රෝහලට ඇතුළත් කර ඇත.
අදහස් 1ක් ඇත
Vidyagirlcase
නව අදහස දක්වන්න