රෝම නගරයට නියඟයෙන් දැඩි බලපෑම් | දිනමිණ

රෝම නගරයට නියඟයෙන් දැඩි බලපෑම්

ඉතාලියේ රෝම නගරයට බලපා ඇති නියඟය හේතුවෙන් එහි ජන ජීවිතවලට දැඩි බලපෑම් එල්ල වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.

පසුගිය සතියේදී රෝම බලධාරීන් කියාසිටියේ ඉදිරි දින කිහිපය සඳහා ප්‍රමාණවත් ලෙස ජලය සැපයීම අපහසු බවය. මේ අනුව දැනටමත් රෝම නගරය තුළ දිනකට පැය අටක ජල කප්පාදුවක් ක්‍රියාත්මක ය.

මේ වසරේ පළමු මාස හය තුළ රෝම නගරයට වැසි ලැබී ඇත්තේ දින විසිහයක් පමණි. එහෙත් පසුගිය වසරේදී අදාළ කාලය තුළ දින අසූඅටක් වැසි ලැබී තිබූ බව සදහන් වේ.

නියඟය තවත් මාස ගණනාවක් පවතිනු ඇති බවට විශ්වාස කෙරේ.

නව අදහස දක්වන්න