ඩෙංගු මාරයාට අතහිත දෙන්නෝ | දිනමිණ

ඩෙංගු මාරයාට අතහිත දෙන්නෝ

මේ දිනවල තැනින් තැන පාරතොටේ විසිරී ඇති කුණු කසළ හා එයින් නික්මෙන අමිහිරි දුර්ගන්ධය බොහෝ නාගරික ජනාවාසවලට සුලභ දර්ශනයකි. බොහෝ රටවල කසළ සම්පතක් ලෙස සලකන මෙවන්යුගයක ලංකාවට නම් එය ජීවිත බිලිගන්නා රකුසෙකු බවට පත්වීම ශෝක ජනකය. කසළ කන්දේ ඛේදවාචකයට මාස කිහිපයක් ගතවෙද්දී, ඩෙංගු මදුරුවාද හිස ඔසවන්නේ නිසි කසළ කළමනාකාරීත්වයෙන් තොරවීම ප්‍රබල සමාජ අර්බුදයක් බවට පත්ව ඇති බවට ඉඟි සපයමිනි. එසේ නම් කසල කළමණාකරණය ආරම්භ කළ යුත්තේ කොතැනින්ද යන්න වැදගත් ප්‍රස්තූතයකි.

මේ වනවිට කසළ යනු ලෝකය තුළ මුදල් බවට හැරවිය හැකි වටිනා සම්පතකි. ප්‍රතිචක්‍රීයකරණය මගින් පරිසර දූෂණය සැලකිය යුතු ආකාරයෙන් අඩුකර ගැනීමට බොහෝ ‍රටවලට හැකියාව ලැබී ඇත. ශ්‍රී ලංකාව තුළ මෙම අර්බුදයට තිරසාර විසඳුමක් ලබාදිය යුතු බවට ප්‍රබල මතවාදයක් පවතින අතර ඒ සම්බන්ධයෙන් පුරවැසියාටද වගකීමක් පවතින බව පිළිගත යුතුය. නිවෙස්වල එකතුවන කඩදාසි , වීදුරු, පොලිතින් හා ප්ලාස්ටික් දිරන නොදිරන ලෙස වර්ගකර භාරදීම තුළ ප්‍රතිචක්‍රිකරණය සඳහා යොදාගැනීම පහසු කරනු ලබයි. එමෙන්ම තමන්ගේම නිවෙස්වල ඉවතලන ආහාර යොදාගෙන කොම්පොස්ට් පොහොර නිර්මාණය කර ගැනීම තුළ අපූරු ගෙවත්තක හිමිකරුවෙකු බවට පත්වීමේ අවකාශද උදාවේ. අප එදිනෙදා බඩු බාහිර ගෙනඒමේදී නිවසෙන් ඒ සඳහා මල්ලක් රැගෙන යාම අප පුරුද්දක් කරගත යුතුය. එය නොදිරන පොලිතින් පරිසරයට එකතුවීම වැළැක්වීමට එක්තරා උපක්‍රමයකි. මේ අයුරින් කන්දක් උසට ගොඩගැසෙන කුණුවලට සාර්ථක විසඳුම් නිවසේදීම සපයා ගැනීමට හැකියාව තිබියදී සියල්ල මහපාරට ගෙනගොස් අතහැරීම කොතරම් සාධාරණද යන්න තීරණය කිරීම ඔබ සතුය.

අකිලා නිර්මාණි ද සිල්වා
කැලණිය විශ්වවිද්‍යාලය


නව අදහස දක්වන්න

Or log in with...