තෙල් වර්ජනය අඟහරුවාදා දක්වා අත්හිටුවයි - UPDATE | දිනමිණ

තෙල් වර්ජනය අඟහරුවාදා දක්වා අත්හිටුවයි - UPDATE

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන සමඟ අද පස්වරුවේ පැවති විශේෂ සාක්ච්ඡාවකින් අනතුරුව සිය වෘත්තීය ක‍්‍රියාමාර්ගය එළඹෙන අඟහරුවාදා දක්වා අත්හිටු වීමට ලංකා ඛනිජ තෙල් වෘත්තිය සමිති එකමුතුව තීරණය කර තිබේ.
 
කෙසේ වෙතත් තීරණය වෙනස් වුවද ඉන්ධන මුදා හැරීම යථාතත්ත්වයට පත්වීමට යම් කාලයක් ගත වෙන බව ද අදාළ බලධාරීන් පවසයි.

වර්ජනය අවසන් ; හමුදාව ඉවත්වෙ ලංකා ඛනිජ තෙල් වෘත්තිය සමිති එකමුතුව තීරණය  යි - UPDATE

‍සේවකයන් රාජකිරිය සදහා වාර්තා කිරීමත් සමග ඉන්ධන බෙදාහැරීම සාමාන්‍ය පිදි සිදුවන බව වාර්තාවේ.

මේ හේතුවෙන් යුධ හමුදාව එම කටයුතුවලින් ඉවතිවී ඇති බව හමුදා මාධ්‍ය පුකාශක කාර්යාලය සදහන් කරයි.

තෙල් බෙදා හැරීම යථා තත්ත්වයට - update

හමුදා ආරක්ෂාව යටතේ ඉන්ධන රැගත් ප්‍රථම තෙල් දුම්රිය මීට සුළු මොහොතකට පෙර ඛනිජ තෙල් නිතිගත සංස්ථාවෙන් පිටත්ව ගියේය.

කොළොන්නාව තෙල් සංකීර්ණය අසල උණුසුම් - update

කොළොන්නාව තෙල් සංකීර්ණය අසල රැදී සිටි සේවකයින් පිරිසක් ඉවත් කිරීමට යාමේ දී උණුසුම් තත්ත්වයක් හට ගෙන තිබේ.

එහි දී කලහකාරී ලෙස හැසිරුණු පුද්ගලයින් 12 දෙනෙකු අත්අඩංගුව ගෙන ඇත.

තෙල් බවුසර් කොළොන්නාවෙන් පිටත් වෙයි - update

යුධ හමුදාවේ මැදිහත්වීමෙන් තෙල් බවුසර් 15ක් කොළොන්නාවෙන් පිටත් කර ඇති බව යුධ හමුදාව පවසයි.

ඒ අනුව අද පස්වරුව වන විට ඉන්ධන බෙදා හැරීමේ කටයුතු යථා තත්ත්වයට පත් කරන බව අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය රාජිත සේනාරත්න පැවසීය.

අදහස් 1ක් ඇත

IF U CAN TRY TO MAKE A ISSUE RELATED THIS INSTITUTION GROW IT IS TOO UPTO NATIONAL LEVEL

නව අදහස දක්වන්න