ඇස් ගෙඩිවලට හෙන ගැහිල ද මිනිසුන්නේ | දිනමිණ

ඇස් ගෙඩිවලට හෙන ගැහිල ද මිනිසුන්නේ

ප්ලාස්ටික් බට වලින් තැනූ කඩුලු මතින් පැන කඩුලු පැනීමේ ඉසව්වෙන් සමස්ථ ලංකා වරම් ලැබ වෛද්‍ය වරියක වීමට සිහින දකින අති දුෂ්කර ගම්මානයක් වන එප්පාවල මාවතවැව ගම්මානයේ දිරිය දියණියක් පිළිබදව අපට වාර්ථා විය.
 
ඇය අනුරාධපුර තඹුත්තේගම අධ්‍යාපන කළාපයේ අති දුෂ්කර පාසලක් වන එප්පාවල මාවතවැව විද්‍යාලයේ අටවැනි වසරේ ඉගෙනුම ලබන ඒ. සෙව්මිණී ශෂිකලා සෙනවිරත්න (13) දියණියයි.
 
2017 වර්ෂයේ උතුරු මැද පළාත් පාසල් ක්‍රීඩා තරගාවලියේදී උතුරු මැද පළාතේ සියලු පාසල් තරගකරුවන අභිබවා වයස අවුරුදු 14 න් පහළ මීටර 80 කඩුලු පැනීමේ තරගයෙන් සමස්ථ ලංකා වරම් ලැබීමට ඇය දක්ෂතා දක්වා තිබුණි.
 
ඇයට නැගණියක හා සොයුරෙකු සිටින අතර අට හැවිරදි බාල සොයුරා උපන්දා සිට පුර්ණ ආබාධිත තත්වයෙන් පසුවෙයි.
 
කුලීවැඩ කරන සෙවිමිණීගේ පියා සිය දියණියන් දෙදෙනාගේ අධ්‍යාපන කටයුතු වලට මෙන්ම ආබාධිත තත්වයෙන් සිටින එකම පිරිමි දරුවා වෙනුවෙන් ලැබෙන සොච්චම් දවසේ වැටුප වැය කරනා බැවින් ඔවුන්ට හරි හැටි හිසට සෙවනක්ද නොමැත, ඔවුනට දිවි ගෙවන්නට සිදු වී ඇත්තේ කටු මැටියෙන් තැනූ නිවසකයි.
 
සුමේධ ජයලත් හා මධුරී මල්කාන්ති යන ගුරුවරුන් එක්ව ඇය කඩුලු පැනීමේ තරග සදහා පුහුණුවීම් කරවා පළාත් තරග සදහා ඉදිරිපත් කර සමස්ථ ලංකා වරම් දිනා ගැනීම දක්වා යොමුකර තිබේ.
 
පාසලේ ක්‍රීඩා ගුරුවරයකු නොමැති අවස්ථාවක පාසලේ විද්‍යා ගුරුතුමන් වන  සුමේධ ජයලත් මහතා හා සිංහල ගුරුතුමිය වන මධුරී මල්කාන්ති මහත්මිය මේ දැරියගේ දක්ෂතා ඔප්නංවා ඇත්තේ පාසලේ හරිහමන් ක්‍රීඩා පිටියක් හෝ ක්‍රිඩා භාණ්ඩද නොමැති පසුබිමකය.
 
කඩුලු පැනීම සදහා අවශ්‍යය කඩුලු ප්ලාස්ටික් ජල නල වලින් නිර්මාණය කර ඇත්තේ මේ දක්ෂ ක්‍රීඩිකාවගේ දක්ෂතාවන් සැගවී යාමට ඉඩ නොදීමේ අරමුණෙනි.
 
අභියෝග හමුවේ නොසැලි ඉදිරියට යන ඒ.සෙව්මිණී ශෂිකලා සෙනවිරත්න (13) සිසුවිය අප සමග මෙසේ පැවසුවාය.
 
මගේ පාසල අනුරාධපුර දිස්ත්‍රික් කයේ තියෙන දුෂ්කරම පාසලක් පාසලේ නිවාසාන්තර ක්‍රීඩා තරගයේදී දුර දිවීමේ තරග වලින් මට ජයග්‍රහණය ලැබුණා.
 
සුමේධ සර් මගේ දක්ෂතා දැකලා මට කිව්වා කඩුලු පැනීමේ තරග සදහා පුහුණු වෙමු කියලා.සුමේධ සර් අපේ පාසලේ විද්‍යා ගුරුතුමා, ක්‍රීඩා භාර ගුරුවරයකු නැති අපේ පාසලේ මගේ පුහුණුකරු විද්‍යා ගුරුතුමා. 
 
මම පුහුණුවීම් කරලා කළාප තරගාවලියෙන් හා උතුරු මැද පළාත් පාසල් තරගයෙන් ජයග්‍රහණය ලබලා සමස්ථ ලංකා වරම් ලැබුවා.
 
මේ හැම ජයග්‍රහණයක් පිටිපස්සේම මගේ පුහුණුකරු ලෙස සුමේධ සර් වගේම අපේ පාසලේ සිංහල ගුරුතුමිය වන මධුරි මිස් හිටියා.
 
ඒ දෙන්නා මට ආරක්ෂාව වගේම පුහුණුව හා අවශ්‍යය සියලුම සහය ලබා දුන්නා.ඒ දෙන්නා නිසා තමයි අද මම මේ තත්වයට ඇවිත් ඉන්නේ.
 
මගේ තාත්තා කුලී වැඩ කරලා අපිව ජීවත් කරවන්නේ අම්මා රැකියාවක් කරන්නේ නෑ.මට නංගි කෙනෙක් හා මල්ලි කෙනෙක් ඉන්නවා.මල්ලී අබාධිත තත්වයෙන් පසු වෙන්නේ.
 
ගොඩාක් දුෂ්කරතා තිබුණත් මම ක්‍රීඩාව තෝරා ගත්තේ ඒ හැම දුෂ්කරතාවක්ම මග හැරලා ජීවිතය දින්නන පුළුවන් වෙයි කියලා.
 
මගේ අනාගත බලාපොරොත්තුව නම් වෛද්‍යවරියක් වෙන්න.ඒ වගේම ක්‍රීඩා වෙනුත් ලංකාවට කීර්තියක් අරගෙන දෙන්න මම බලාපොරොත්තු වෙනවා.
 
මම ක්‍රීඩා ඇමතිතුමාගෙන් වගේම ජනාධිපතිතුමන්ගෙන් ඉල්ලන්නේ එන්න අපේ පාසලට ඇවිත් බලන්න අපේ දුෂ්කරතාවන්, මම වගේම තව දක්ෂයෝ මේ වගේ පාසල් වල ඉන්නවා, ඒ අයටත් ඉහළට එන්න උදව් කරන්න කියලා.
 
සෙව්මිණිගේ මව වන නිමේෂා රත්නායක මහත්මිය කදුලු පිරි දෑසීන් අප සමග මෙසේ පැවසීය.
 
මට දරුවෝ තුන් දෙනෙක් ඉන්නවා ලොකු දුව අවුරුදු 13 දෙවැනි දුවට අවුරුදු 10 යිපුතාට 08 යි, මගේ ලොකු දුව සෙවිමිණි ක්‍රීඩාවට හා අධ්‍යාපනයට හරි දක්ෂයි.
 
දුව මෙවර සමස්ථ ලංකා ක්‍රීඩා තරග වලට තේරිලා තියෙනවා.මගේ දුව ඒ තැනට ගේන්න ඉස්කෝලෙන් ගොඩක් කැපවීම් කරලා තියෙනවා.
 
අපිට ලොකු කැපකිරීමක් කරන්න බෑ.මගේ මහත්තයා කුලීවැඩ කරලා තමයි ජීවත් වෙන්නේ.
 
අපිට ඉන්න හිටින්න හරි හමන් ගෙයක් නෑ.මධුරි ගුරුතුමියයි, සුමේධ සර් තමයි මගේ දුව මේ තත්වයට ගෙනාවේ.
 
දරුවා ක්‍රීඩාවට දක්ෂ වුණත් එයාට පෝෂණයක් දෙන්නවත් අපිට විදිහක් නෑ,බිත්තරයක් ඉදලා හිටලා ගෙනත් දෙනවා.අපිට කිරිපිටි වර්ග දෙන්න සල්ලි නෑ.මේ දවස් වල කුලී වැඩක්වත් නැති නිසා අපි ගොඩක් අසරණ වෙලා ඉන්නේ.
 
දුවගේ ක්‍රීඩා තරග වලට යද්දී ගමන් වියදමක්වත් දරන්න සල්ලි නෑ, හැම දෙයක්ම කරන්නේ ණයට සල්ලි අරන්.
 
මම ඉල්ලන්නේ මගේ දුවගේ හීන හැබෑ කර ගන්න කවුරුන් හෝ උදව් කරන්න කියලා යනුවෙන් ඈ පැවසුවාය.
 
 

අදහස් 3ක් ඇත

Looking for contact details about student sewmini at mawathawewa school eppawela.

Meka liyapu Eka Hoyanawa Uge Kanapalanna, Liyanaheti Ugannanna

නව අදහස දක්වන්න