තරුණ සේවා වොලිබෝල් පිලට මාලදිවයිනේ දී ජයග්‍රහණයක් | දිනමිණ

තරුණ සේවා වොලිබෝල් පිලට මාලදිවයිනේ දී ජයග්‍රහණයක්

වොලිබෝල් කණ්ඩායම මෙරටින් පිටත්ව යෑමට පෙර ජාතික තරුණ සේවා සභාවේ සභාපති අධ්‍යක්ෂ ජනරාල් නිතිඥ එරන්ද වැලිඅංගේ, ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂ සංවර්ධන ජගත් අධිකාරී, නියෝජ්‍ය ප්‍රභාත් ලියනගේ, මුදල් අධ්‍යක්ෂ තුෂාර සම්පත්, විශේෂ ව්‍යාපෘති අංශයේ සහකාර අධ්‍යක්ෂ සමන් අබේවර්ධන, ක්‍රීඩා අංශයේ සහකාර අධ්‍යක්ෂ ධර්මකීර්ති උක්වත්ත යන මහත්වරු සමඟ ඡායාරූපයකට පෙනී සිටි අයුරු.

ජාතික තරුණ සේවා සභාවේ වොලිබෝල් කණ්ඩායම මාලදිවයිනේ සංචාරක නිකේතන කණ්ඩායම අතර මාලදිවයිනේ රිසෝට් සංචාරක නිකේතන වොලිබෝල් ක්‍රීඩාංගණයේ පැවැති වොලිබෝල් තරඟාවලියේ පළමු තරඟයෙන් වට 3-2 ක ජය හිමි කර ගැනීමට ජාතික තරුණ සේවා සභාවේ වොලිබෝල් කණ්ඩායම සමත්ව ඇත.

මේ සංචාරයේදී මාලදිවයින ජාතික කණ්ඩායම හා මාලදිවයිනේ කණ්ඩායම් කිහිපයක් සමඟ සුහද තරඟ 5කට සහභාගිවීමට අවස්ථාව තරුණ සේවා කණ්ඩායමට ලැබී ඇත. ජාතික තරුණ සේවා සභාවේ කණ්ඩායමක් මෙසේ විදේශ සංචාරයකට සහභාගි වන්නේ වසර 30 කට පසුවවීම විශේෂත්වයකි.

ජාතික තරුණ ‍සේවා සභාවේ සභාපති අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ එරන්ද වැලිඅංගේ මහතාගේ උපදෙස් පරිදි ජාතික තරුණ සේවා සභාවේ සියළුම ක්‍රීඩා කණ්ඩායම් සඳහා පුහුණුවක් ලබා දෙමින් ජාතික මට්ටමේ කණ්ඩායම් බිහිකිරීමට පියවර ගෙන තිබේ.

තරුණ සේවා වොලිවෝල් කණ්ඩායමට කාලිංග විරාජ් නායකත්වය ලබා දෙන අතර සුමිත් ජයලාල් මහතා කණ්ඩායමේ කළමණාකරු ලෙසත්, පුහුණුකරු ලෙස චම්පික මාරසිංහ මහතාත් කටයුතු කරයි.

ටී.කේ.මහින්ද
වැලිගම සමූහ

නව අදහස දක්වන්න