සූනීතා දිනූ චෙස් ඔලිම්පියාඩ් රන් පදක්කමට වසර 25යි | දිනමිණ

සූනීතා දිනූ චෙස් ඔලිම්පියාඩ් රන් පදක්කමට වසර 25යි

කොළඹ රුසියානු මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂිකා ඇනස්තාසියා හක්ලෝවා මහත්මිය සහ සූනීතා වි‍ජේසූරිය මහත්මිය ප්‍රදර්ශන චෙස් තරගයේදී. කොළඹ රුසියානු මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ බුද්ධප්‍රිය රාමනායක මහතාද මෙහි සිටී.

දස වසරක්ම ශ්‍රී ලංකා ජාතික කාන්තා චෙස් ශූරතාව දිනූ සුනීතා විජේසූරිය මහත්මිය විසින් 1992 වසරේදී පිලිපීනයේ පැවැති 30 වැනි ලෝක චෙස් ඔලිම්පියාඩ් තරගාවලියේදී රන් පදක්කමක් දිනා වසර 25ක් සපිරීම සැමරීම නිමිත්තෙන් කොළඹ රුසියානු සංස්කෘතික මධ්‍යස්ථානයේදී විශේෂ ප්‍රදර්ශන චෙස් තරගාවලියක් පැවැත්විණි.

ලංකා චෙස් පදනම සහ රුසියානු සංස්කෘතික මධ්‍යස්ථානයේ ඇන්ටෝලි කාර්පෝව් චෙස් සමාජය හා එක්ව සංවිධාන කර තිබූ මේ තරගාවලියේ ආරාධිත අමුත්තන් ලෙස කොළඹ රුසියානු මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂිකා ඇනස්තාසියා හක්ලෝවා සහ කොළඹ රුසියානු මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ බුද්ධප්‍රිය රාමනායක මහත්ම මහත්මිහු සහභාගි වූහ.

නව අදහස දක්වන්න