මියගිය පුතු සිහිකර ගව දෙනට පැටවාට අභයදානය | දිනමිණ

මියගිය පුතු සිහිකර ගව දෙනට පැටවාට අභයදානය

වෙන්නප්පුව වි‍ශේෂ සුනිල් ප්‍රනාන්දු

මෙයට මාස 03 කට ඉහත හදිසි අනතුරකින් මියගිය වෙන්නප්පුව ආසනයට අයත් කොස්වත්ත පොලිසිය පාර බෝතලේගම ලුණුවිල පදිංචිව සිටි ඉසුරු ශානක රාජපක්ෂ නමැති තම එකම පුතුට පිංපැමිණවීමේ අරමුණින් පුංචි ගවපැටවකු මරණයෙන් මුදාගෙන ඒමට ගිය එම දරුවාගේ මවුපිය දෙදෙනා එම පැටවාගේ මවගේ වේදනාත්මක කෑගැසීම හා දරුදුක ගැන සානුකම්පිතව බලා එම මවවත් පැටවාවත් දෙදෙනාවම මරණයෙන් මුදා ගෙනවිත් බෝතලේගම සාම විහාරස්ථානයේ පැවති එම සතුනට අභයදානයදීමේ විශේෂ ආගමික උත්සවයකට සහභාගි කරවන ලදී.

බෝතලේගම සාමවිහාරවාසි පූජ්‍ය කොට්ටාවේ විජයවංශ හිමියන් විසින් මෙම ආගමික වතාවත් සිදුකළ අතර මියගිය දරුවාගේ දෙමාපියන් හා ඥාති හිතවතුන් විශාල පිරිසක් මෙම උත්සවයට එක්වසිටියහ.

 

නව අදහස දක්වන්න