නම් පටලැවිල්ලක් | දිනමිණ

නම් පටලැවිල්ලක්

ශ්‍රී ලංකාවේ ප්‍රධාන දුම්රිය ස්ථාන අතරෙන් පොල්ගහවෙල දුම්රිය ස්ථානයට කේන්ද්‍රීය ස්ථානයක් හිමිව තිබේ. බොහෝ කාලයක සිටම උතුරු දුම්රිය මාර්ගයත්, උඩරට දුම්රිය මාර්ගයත් එකිනෙකට බෙදා වෙන්කරවන දුම්රිය ස්ථානය ලෙස පොල්ගහවෙල දුම්රිය ස්ථානය දුම්රිය මගීන් අතරේ අවධානයට ලක්ව තිබේ. අතීතයේ සිටම මංසන්ධියක්ව පැවති පොල්ගහවෙල දුම්රිය ස්ථානය අද වන විට පොල්ගහවෙල හන්දිය දුම්රිය ස්ථානය ලෙස හඳුන්වාදීමට දුම්රිය බලධාරීන් ක්‍රියාත්මක වේ. මේ පොල්ගහවෙල හංදිය දුම්රිය ස්ථානයයි යනුවෙන් නිවේදනය වන අතර දුම්රිය ස්ථානයේ නාමපුවරුවලද ඇතැම්විට එසේ යොදා තිබෙනු දැකගැනීමට හැකිව තිබේ.

එලෙස ව්‍යවහාර කළද වඩාත් යෝග්‍ය වන්නේ මෙය හංදියක් නොව දුම්රිය මාර්ග බෙදාවෙන්කරනු ලබන දුම්රිය මංසන්ධියක් බැවින් දුම්රිය මංසන්ධිය ලෙස ව්‍යවහාර කිරීම බව විද්වතුන්ගේ අදහස වී තිබේ. එබැවින් භාෂාවේ ජීවගුණය විනාශ නොකර වහාම ක්‍රියාත්මක වන පරිදි පොල්ගහවෙල හන්දිය දුම්රිය ස්ථානය පොල්ගහවෙල මංසන්ධිය ලෙස භාවිතයට ගැනීමට දුම්රිය සාමාන්‍යාධිකාරීතුමාගෙ කඩිනම් අවධානය යොමුවිය යුතුව ඇතැයි විශ්වාස කරමි.

කසුන් බුද්ධික රත්නායක
පොල්ගහවෙල 

නව අදහස දක්වන්න