මයිකල් ජැක්සන්ගේ නෑසූ ගී එකතුවක් | දිනමිණ

මයිකල් ජැක්සන්ගේ නෑසූ ගී එකතුවක්

පොප් ගී ලොව කිරුළ දැරූ මයිකල් ජැක්සන් මෙලොවින් සමුගෙන වසර 8ක් ගත වෙලා. ඔහු ගැයූ, රසික පිරිස් මෙතෙක් නොඇසූ ගීත 12ක් ඇතුළත් තැටියක් පසුගිය සතියේ ප්‍රසිද්ධ වෙන්දේසියේ අලෙවි කිරීමට කටයුතු සංවිධානය කර තිබුණා.

ඇමෙරිකාවේ නිව්යෝක් නුවර වෙන්දේසි හලකදී අලෙවියට තබා තිබෙන මේ ගීත එකතුවේ අවම ලන්සුව මිල කර ඇත්තේ ඩොලර් 50,000කටයි. ‘බයිබල්’ යනුවෙන් නම් කර ඇති මේ ගීත එකතුවෙහි ඇතුළත් වන සෑම ගීතයක්ම හොඳ තත්ත්වයක පවතින බවයි, මයිකල්ගේ පෞද්ගලික සහකාරවරයකු ලෙස දීර්ඝ කාලයක් සේවය කළ අයකු පවසා තිබුණේ. ජූලි 19 දා සිට 28 දක්වා පැවැත්වීමට නියමිත මෙම වෙන්දේසියට මයිකල් භාවිත කළ භාණ්ඩ කිහිපයක් සහ ඔහු විසින් සිතුවම් කරන ලද චිත්‍රයක් ද ඇතුළත් වුණා. 

නව අදහස දක්වන්න