ප්‍රථම කුඹල් පෙරහර නැරැඹීමට මහ පිරිස් | දිනමිණ

ප්‍රථම කුඹල් පෙරහර නැරැඹීමට මහ පිරිස්

අසේල කුරුළුවංශ

 

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ ප්‍රථම කුඹල් පෙරහර නැරඹීම සඳහා ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් පෙරේදා (29) මහනුවරට පැමිණ සිටියහ.

මාස ගණනාවක් පුරා පැවැති වියළි කලගුණික තත්ත්වය හමාර කරමින් ඇසළ පෙරහරේ ප්‍රථම කුඹල් පෙරහර වීදී සංචාරය කළ දින පෙරවරුවේ මහනුවර නගරයට අධික වැසි පතිත වීම විශේෂත්වයකි.

පෙරහැර ගමන් කළ දළදා වීදිය,ඩී.එස් සේනානායක වීදිය, පන්සල පාර , දේව විදිය, කොළඹ වීදිය, යටිනුවර වීදිය හා රජ වීදිය පස්වරුව වන විටම බැතුමන් ගෙන් පිරී ඉතිරී ගිය අතර රාත්‍රියේ පෙරහැර මාර්ගයට අවතීර්ණ වීමට නොහැකිව විශාල පිරිසක් ආපසු හැරී ගොස් තිබේ.

ප්‍රථම කුඹල් පෙරහැරේ සාධාතුක කරඬුව ඉන්දි රාජා හස්තියා මතින් වැඩම කරත්දී දෑලේ ඇතුන් ලෙස මියන් රාජා හා බුරුම රාජා ගමන් ගත්හ.

මහනුවර ඇසළ මංගල්‍යයේ ප්‍රථම කුඹල් පෙරහැර කුඩා දරුවන්ට දැක ගැනීමට සැලස්වීමෙන් ඔවුන්ගේ අපල උපද්‍රව දුරුවන බවට පවතින විශ්වාසය හේතුවෙන් මෙදින කුඩා දරුවන් රැගෙන මව්පියන් දහස් සංඛ්‍යාත පිරිසක් පැමිණ සිටියහ. 

 

අදහස් 1ක් ඇත

Indiya raja gana hari adambarayi! oba, lakdiwata jathika wasthuwaki! oba mnisath bawata ( wadath durin nisa oba ,) niyama wanne dewathwayataya!

නව අදහස දක්වන්න