උමාඔය අමාත්‍ය අනුකමිටුව අද බදුල්ලේ | දිනමිණ

උමාඔය අමාත්‍ය අනුකමිටුව අද බදුල්ලේ

උමාඔය පිළිබඳ සොයා බැලීමට පත් කරන ලද අමාත්‍ය අනුකමිටුව අද බදුල්ල කච්චේරියේ දී ප්‍රගති සමාලෝචනයක් සඳහා රැස්වීමට නියමිතය.
 
පාඨලී චම්පික රණවක, මහින්ද අමරවීර හා විජිත් විජිතමුණි සොයිසා යන අමාත්‍යවරුන් තිදෙනාගේ ප්‍රධානත්වයෙන් මෙම අනුකමිටුව ක්‍රියාත්මක වන අතර උමා ඔය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් ලබා දෙන ලද උපදෙස් හා එම ක්‍රියාදාමයන් ක්‍රියාත්මක කිරීම  පිළිබඳ අද දිනයේ දී අවධානය යොමු කරන බව වාර්තා වෙයි.
 
මෙම සාකච්ඡාව සඳහා බදුල්ල දිසා ලේකම්වරයා, ආපදා කළමණාකරණ මධ්‍යාස්ථානයේ නියෝජිතයින් හා ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිලධාරීන් පිරිසක් ද සහභාගීවීමට නියමිතයි.
 

නව අදහස දක්වන්න