සෞඛ්‍ය ඇමති සමග සාකච්ඡා නැහැ - GMOA | දිනමිණ

සෞඛ්‍ය ඇමති සමග සාකච්ඡා නැහැ - GMOA

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න සමග අද පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාවට සිය සංගමය සහභාගි නොවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ විධායක සභාව අද රැස්වූ අවස්ථාවේ මෙම තීරණය ගත් බව ද සදහන්.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වාර්ෂිකව නව විධායක කමිටුවක් පත්වීමෙන් අනතුරුව සාම්ප‍්‍රදායක් ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා මුණ ගැසෙන අතර ඒ අනුව අද දිනයේ පස්වරු 03.00ට එම හමුව පැවැත්වීමටයි නියමිතව තිබුණි.


නව අදහස දක්වන්න