කෝපායිහී පොලිසියට පහරදුන් 02 බන්ධනාගාරයට - UPDATE | දිනමිණ

කෝපායිහී පොලිසියට පහරදුන් 02 බන්ධනාගාරයට - UPDATE

යාපනය, කෝපායි, කොන්ඩාවිල් ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කල සැකකරුවන් දෙදෙනා ලබන 04 වනද ාදක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

පොලිස් නිලධාරීන්ට පහරදීම - තවත් සැක 02ක් කොටු - UPDATE

යාපනය, කෝපායි, කොන්ඩාවිල් ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහරදීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ.

එක් සැකකරුවෙකු යාපනය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර අනෙක් සැකකරු කෝපායි පොලීසිය විසින් අද(01) උදෑසන අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

නල්ලූර් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන තිවරාසා මදූෂන් නොහොත් මදූ නැමැති 20 හැවිරිදි තරුණයෙකු සහ මානිප්පායි ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන විජයරත්නම් සිවරාජ් නැමැති 23 හැවිරිදි තරුණක් මෙලෙස අතඅඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

 

නව අදහස දක්වන්න