තමන්ගේ දේශපාලනය ගොඩනගා ගැනීමට ජනතාව පාවා දෙන නායකයින් සැබෑ නායකයින් නොවන බව නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක පවසයි.
ඔහු මේ බව සඳහන් කළේ රුපියල් කෝටි තුනක වියදමින් ඉදිකරන ලද, දෙනියාය, පිටබැද්දර - සියඹලාගොඩ “ කැතිගහනදොල නව පාළම” ජනතා අයිතියට පත්කිරීමේ උත්සවයට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය සාගල රත්නායක කියා සිටියේ දේශපාලන පක්ෂ සහ නායකයෝ ජනතාවට ආදරය කළයුතු බවයි.
එමෙන්ම ආණ්ඩු පක්ෂය හෝ විපක්ෂය යන කුමන අපරශාවයක් නියෝජනය කළද ජනතාවට සේවය කිරීම සිය වගකීම බවට පත්කරගත යුතු බව ද ඔහු එහි දී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක,
“ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ වරාය ඉදිකරන්න චීනෙන් ණයක් ලබාගත්තා.ඒ ණය ගෙවන්න ක්‍රම දෙකක් තියෙනවා. ඉන් එක ක්‍රමයක් වන්නේ වරාය පවතින විදියට පිහිනුම් තටාකයක් වගේ තියෙන්න ඉඩදී ජනතාවගෙන් බදු එකතු කරලා ඒ ණය ගෙවන එක. හිටපු ජනාධිපතිතුමා ටික කාලයක් එය සිදු කළා. එසේ නොමැතිනම් වරාය වටිනාකමක් ඇතිකරලා එතන ව්‍යාපාර කටයුතු දියුණු කරලා ඒ එන ආදායම්වලින් අපිට ණය ගෙවන්න හැකියාවක් ඇති වෙනවා. ඒ අනුව දෙවැනි ක්‍රමයට මේ ණය ගෙවන්න රජය තීරණය කළා. රජය එසේ කලේ බදු මුදලින් ගෙවන්න ගියොත් එහි බර ජනතාව මත පැටවෙන නිසත් එයින් බඩු මිල ඉහළයාමක් සිදුවන නිසාත්ය.මේ ණය මුදල විශාල ප්‍රමාණයක්. එම නිසා ජනතාවට බරක් නොදී ණය මුදල ගෙවන්න අවසථාව තියෙන නිසයි අපි ඒ වගේ ගිවිසුමකට එළඹුණේ.
අදහස් 1ක් ඇත
janathawa pawa dimak desapalanayata , athul karanna baha,
නව අදහස දක්වන්න