සයිටම් විරෝධී සිසු - ජන විරෝධතා පාගමන ඇරඹේ | දිනමිණ

සයිටම් විරෝධී සිසු - ජන විරෝධතා පාගමන ඇරඹේ

සයිටම් ආයතනය අහෝසි කරන ලෙස සහ අධ්‍යාපන අයිතිය සුරක්ෂිත කරන ලෙස ඉල්ලා සයිටම් විරෝධී සිසු - ජන ව්‍යාපාරයේ දින පහේ විරෝධතා පාගමන මේ වනවිට ආරම්භ වී තිබේ.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් උදෑසන11. 00ට ආරම්භ කළ එම පාගමනට වෘත්තීය සමිති, කලාකරුවන්, විශ්වවිද්‍යාල ආචාර්යයවරුන්, දේශපාලන පක්ෂ නියෝජිතයන් සම්බන්ධ වී සිටින බව ද සදහන්.

මෙම පාගමනේ ඉල්ලීම් ලෙස පහත සටන්පාඨ ඉදිරිපත් කෙරේ.

■ මර්දනය නවතනු, මාළඹේ සයිටම් හොර උපාධි කඩය අහෝසි කරනු.
■ විශ්‍රාම වැටුප් කප්පාදුව නවතනු.
■ රාජ්‍ය ආයතන විකිණීම නවතනු.
■ ශ්‍රම කොල්ලය තීව්‍ර කරන ඉන්දු – ලංකා වෙළඳ ගිවිසුම එපා.

අදහස් 1ක් ඇත

DARUWANE NUBALATA SIYALU ARAKSHAWA LABEWA JAYAWEWA ,,SIYALU SATHURU BALAWEGA DURUWEE BANGAWEWA

නව අදහස දක්වන්න