සමෘද්ධිලාභී පවුල්වල උසස් පෙළ සමතුන් 25කට ජපානයේ ඩිප්ලෝමා පාඨමාලාවක් | දිනමිණ

සමෘද්ධිලාභී පවුල්වල උසස් පෙළ සමතුන් 25කට ජපානයේ ඩිප්ලෝමා පාඨමාලාවක්

ජපානයේ දෙවසරක පාඨමාලාව හැදෑරීමට අවස්ථාව හිමි කර ගත් සිසුන් ඔවුන්ගේ මවුපියන් සමඟ ඇමැති එස්.බී.දිසානායක සහ සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල් නීල් හපුහින්න මත්වරුන් සමඟ අමාත්‍යාංශයේ දී ඡායාරූපයකට මුහුණ දුන් අයුරු.

සමෘද්ධිලාභී පවුල්වල උසස් පෙළ සමත් සිසු සිසුවියන් 25 දෙනකුට ජපන් භාෂාව පිළිබඳ වසර 02ක ඩිප්ලෝමා පාඨමාලාවක් ජපානයේදී හැදෑරීමට වරම් හිමිව තිබේ.

දිවයින පුරා සිටින සමෘද්ධිලාභී පවුල්වලින් මේ විසිපස් දෙනා තෝරා ගෙන තිබෙන අතර සිසුන් 9ක් හා සිසුවියන් 16ක් ඒ අතර වෙති.

සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ සමාජ ආරක්ෂණ අරමුදල විසින් මේ සිසුන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් රුපියල් ලක්ෂ 450ක මුදලක් වැය කරයි. එක් සිසුවකු වෙනුවෙන් රුපියල් ලක්ෂ 18ක මුදලක් මේ අනුව සමාජ ආරක්ෂණ අරමුදල විසින් දරනු ලැබේ.

සමාජ සවිබල ගැන්වීම්, සුබසාධන හා කඳුරට උරුමයන් පිළිබඳ ඇමැති එස්.බී. දිසානායක මහතාගේ උපදෙස් මත මේ සිසුන් තෝරා ගෙන තිබෙන අතර ඔවුන්ට පාඨමාලාව හදාරණ කාල සීමාවේ දී ජපානයේ අර්ධ කාලීන රැකියාවල නිරත වීමට අවස්ථාව හිමි වේ. පාඨමාලාවේ වසර දෙකක කාලය අවසන් වු පසුව ජපානයේ පුර්ණ කාලීන රැකියාවල නිරත වීමට ද ඔවුන්ට අවස්ථාව ලැබෙන බව සමෘද්ධි අධ්‍යක්ෂ ජෙනරාල් නීල් හපුහින්න මහතා පවසයි.

මේ සිසුන් තව නොබෝ දිනකින් ජපානය බලා යාමට නියමිතය.

නව අදහස දක්වන්න