කඩින් කඩ වැස්සට ඩෙංගු යළි වැඩිවීමක් | දිනමිණ

කඩින් කඩ වැස්සට ඩෙංගු යළි වැඩිවීමක්

සන්ධ්‍යා කරුණාරත්න

මේ දිනවල පවතින කඩින් කඩ වර්ෂාව හේතුවෙන් ඩෙංගු මදුරු ඝනත්වය ඉහළ ගොස් රෝගීන් වාර්තා වීම නැවත ඉහළ යාමේ ප්‍රවනතාවක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. මේ තත්ත්වය පාලනය කිරීම සඳහා තෙදින දීප ව්‍යාප්ත මදුරු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවත් මේ මස 03, 04, 05 දිනයන්හි එම වැඩසටහන ක්‍රියාත්මක කරන ලෙස සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා ජාතික ඩෙංගු මර්දන ඒකකයට දැනුම් දී ඇති බවත් අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

පාසල්, රාජ්‍ය ආයතන, ඉදිකිරීම් කලාප සහ පෞද්ගලික ස්ථාන මේ දින තුනේදී දැඩි පරීක්ෂාවට ලක් කරන අතර, අධි අවදානම් කලාප පරීක්ෂා කිරීමට නියමිත බව ද අමාත්‍යාංශය පවසයි.

කොළඹ, ගම්පහ, කලුතර, රත්නපුරය, කෑගල්ල, කුරුණෑගල, ගාල්ල, මාතර, මහනුවර සහ මාතලේ දිස්ත්‍රික්කයන්හි මදූරු මර්දන කටයුතු සඳහා වැඩි අවදානයක් යොමු කරන බවත් මර්දන කටයුතු සඳහා සෞඛ්‍ය නිලධාරීන් සහ ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගෙන් සමන්විත කණ්ඩායම් 2000 කට අධික සංඛ්‍යාවක් රාජකාරි කටයුතුවලට සහභාගි වන බවත් අමාත්‍යාංශය ප්‍රකාශ කරයි. 


නව අදහස දක්වන්න

Or log in with...