මුහුුදේ සුළං වේගය වැඩිවීමේ අවධානමක් | දිනමිණ

මුහුුදේ සුළං වේගය වැඩිවීමේ අවධානමක්

හෙට දින සිට දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල තද සුළං බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

                     - ඉදිරි පැය 24 සඳහා දිවයින වටා ඇති මුහුදේ කාලගුණ තත්ත්වය -

කොළඹ සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල වැසි වාර කිහිපයක් ඇතිවේ.

සුළං නිරිත දෙසින් හමන අතර සුළගේ වේගය පැ.කි.මී. 30-40 ක් පමණ වේ. 

හම්බන්තොට සිට පොතුවිල් හරහා කල්මුනේ දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටක පැ.කි.මී. 60 දක්වා වැඩි විය හැකි අතර එම මුහුදු ප්‍රදේශවල විටින් විට රළු විය හැක.

පුත්තලම සිට කොළඹ හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල  සුළගේ වේගය විටක පැ.කි.මී. 50-55 දක්වා වැඩි විය හැකි අතර එම මුහුදු ප්‍රදේශවල විටින් විට තරමක් රළු විය හැක.

නව අදහස දක්වන්න