පර්පෙචුවල් ට්‍රෙෂරීස් ගනු-දෙනුවල දී EPF ට පාඩු සිදුවී නෑ | දිනමිණ

පර්පෙචුවල් ට්‍රෙෂරීස් ගනු-දෙනුවල දී EPF ට පාඩු සිදුවී නෑ

කමනි අල්විස්

සේවක අර්ථසාධක අරමුදල සමඟ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම සිදුකර තිබෙන ගනුදෙනුවල දී පාඩුවක් සිදු වී නොමැති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවක අර්ථසාධක අරමුදලේ හිටපු අධිකාරි වත්මන් සහකාර බැංකු අධිපතිවරයකු වන ආනන්ද ජයලත් මහතා බැඳුම්කර කොමිසම හමුවේ සාක්ෂි දෙමින් ඊයේ (01) ප්‍රකාශ කළේය.

ජනාධිපති නීතිඥ නිහාල් ප්‍රනාන්දු මහතා සහ නීතිඥ රොමාලි තුඩාව මෙනවියගේ විමසීම් හමුවේ සාක්ෂි දෙමින් සාක්ෂිකරු වන ජයලත් මහතා මේ බව පැවසීය.

සමස්ත බැඳුම්කර ගනුදෙනුවලදී 2014 වසරට වඩා වැඩි ලාභයක් 2015 සහ 2016 වසරවලදී සේවක අර්ථසාධක අරමුදල උපයාගෙන තිබෙන බව සාක්ෂිකරු පැවසීය. වසර 2015, 2016 තුළදී බැඳුම්කර ගනුදෙනුවලින් වැඩි ලාභයක් ලබාගත්තේ සෘජු ස්ථානගත කිරීම් යටතේ බැඳුම්කර නිකුත් නොකළ වෙළෙඳපොළක් තුළ බව සාක්ෂිකරු පිළිගත්තේ ජනාධිපති නීතිඥ ප්‍රනාන්දු සහ නීතිඥ තුඩාව මෙනවියගේ විමසීම් හමුවේ සාක්ෂි දෙමින්ය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ. ටී. චිත්‍රසිරි මහතාගේ සභාපතීත්වයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු පී. එස්. ජයවර්ධන සහ වී. කන්දසාමි මහත්වරුන්ගෙන් හෙබි බැඳුම්කර කොමිසම හමුවේ සාක්ෂි විභාගය සිදුවිය. ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා, අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහත්වරු මෙම අවස්ථාවට සහභාගි වූහ.

නව අදහස දක්වන්න