පළමු දිනය අවසානයේ ඉන්දියාව කඩුලු 03ක් දැවී ලකුණු 344යි | දිනමිණ

පළමු දිනය අවසානයේ ඉන්දියාව කඩුලු 03ක් දැවී ලකුණු 344යි

ශ්‍රී ලංකා කණ්ඩායම හා සංචාරක ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයේ පළමු දිනය වූ අද දිනය අවසන් වන විට කඩුලු 03ක් පමණක් දැවී ලකුණු 344ක් (පන්දුවාර 90) රැස්කර ප්‍රබල තත්ත්වයක පසු විය.

 තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන්නේ ඉන්දීය කණ්ඩායම වන අතර මේ වන විට නොදැවී කඩුල්ලේ රැඳී සිටින චෙතේෂ්වර් පුජාරා ලකුණු 128ක් හා අජික්‍යා රහානේ ලකුණු 103ක් රැස්කරගෙන සිටින අතර, ඔවුන් දෙදෙනා සිව්වැනි කඩුල්ලට 211ක සබඳතාවක් ගොඩනැගීමට සමත්ව සිටියි.

 

නව අදහස දක්වන්න