නිෂ්පාදනය අඩු වුණොත් අඩුවන ඇමති දුමින්දගේ ළුණු බද්ද | දිනමිණ

නිෂ්පාදනය අඩු වුණොත් අඩුවන ඇමති දුමින්දගේ ළුණු බද්ද

මම කෘෂිකර්ම ඇමතිවරයා බවට පත් වුණාට පස්සේ ආනයනික ළූණු සදහා වසර පුරාම බද්ධක් ගහලා තියෙනවා. රට තුළ නිෂ්පාදනයේ අඩුවක් වුණොත් විතරයි අපි ඒ බද්ධ අඩු කරන්නේ යැයි කෘෂිකර්ම අමාත්‍යය දුමින්ද දිසානායක මහතා පැවසීය.
 
අමාත්‍යයවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ දේවහූව ගොවි ජනපදයේ බී ළූණු ගොවීන් සදහා විසුරුම් ජල පද්ධති නොමිලේ ලබා දීමේ අවස්ථාවකට සහභාගී වෙමින්ය.දේවහූව ප්‍රදේශයේ බී ළූණු වගා බිම් නිරීක්ෂණය කළ අමාත්‍යයවරයා ළූණූ බීජ නිෂ්පාදනය සදහා ළූණු වගාවක මල් නෙලීමටද එක් විය.
 
අනතුරුව අමාත්‍ය්‍යවරයා ළූණු ගොවීන් සමග සාකච්ජාවක නිරත වූ අතර, එහිදී ගොවීන් තමන්ට වගා කටයුතු වලදී හා අලෙවියේදී ඇති ගැටලු අමාත්‍යයවරයා වෙත ඉදිරිපත් කරනු ලැබීය.එම ගැටලු සදහා පිළියම් රැසක් අමාත්‍යයවරයා ඒ මොහොතේදීම ලබා දුන්නේය. 
 
එම ගම්මානයේ බී ළූණූ වගා කරන ගොවින් ප්‍රමාණය වසරින් වසර අඩුවීමක් දක්නට ලැබෙන බැවින් ඊට හේතුව අමාත්‍යයවරයා විමසා සිටියේය.එහිදී ගොවීන් කියා සිටියේ අස්වනු නෙලන කාළය වන විට අස්වැන්නට හොද මිලක් නොමැති වීම හේතුවෙන් පසුගිය කාළයේ බී ළූණු වගාවෙන් ඈත් වූ බවයි.මිළ වැඩිවන තුරු හා ඊළග කන්නයේ වගා කිරීම සදහා ළූණු ගබඩා කර තබා ගැනීමට වසන්තීකරණය සදහා අවශ්‍යය ගබඩා පහසුකම් ප්‍රදේශයේ නොමැතිවීම ළූණු වගාවෙන් ඈත් වීමට හේතුවක්වී ඇතැයි එහිදී ගොවීන් පෙන්වා දුන්හ.
 
එහිදී අදහස් දැක්වූ අමාත්‍යයවරයා නිළධාරීන්ට කියා සිටියේ නිළධාරීන් ගොවි මහත්වරුන්ගේ ඔලුව හදන්න ඕන.රජයෙන් එක පාරක් ගොවියකුට ආධාරයක් උපකාරයක් කළාම ගොවියා ඒ හයියෙන් දිගටම ගොවිතැන කරගෙන යන්න ඕනෑ.හැමදාම එකම ගොවියා වෙනුවෙන් ආධාර උපකාර කරන්න රජයට බෑනේ.ගොවි මහත්තුරු කීයක් ගැන රජය බලන්න ඕනද.ගොවීන්ට අස්වැන්න විකුණගන්න බැරිව ප්‍රශ්නයක් තියෙනවා නම් ඒකට මැදිහත් වෙන්න අපිට හැකියි.
 
අපි මේ වසරේ ගොවීන් යම් ප්‍රමාණයකට ආධාරයක් උපකාරයක් කරනවා නම් ලබන වසරේ ඒ පිරිසටම ඒ උපකාර නොකර වෙනත් ගොවීන් පිරිසක් තෝරා ගෙන උපකාර කළ යුතු යි.මට ඕන ගොවියාව නගා සිටුවන්න.හැමදාම ගොවියා ආණ්ඩුවෙන් ආධාර ගන්න පුද්ගලයෙක් වෙලා වැඩක් නෑ.හැමදාම බඩු බෙදන එක කරලා හරියන්නෙ නෑනේ.ජන්දයක් කිට්ටු වෙනකොට මනාප ගන්න බඩු බෙදනවා, ආණ්ඩු හතර පහක් තිබුණා, හැබැයි ගොවියා හැමදාම එකම තැන යැයි අමාත්‍යයවරයා පැවසීය.
 
ළූණු ගොවියා ආරක්ෂා කිරීම සදහා මම කෘෂිකර්ම ඇමතිවරයා බවට පත් වුණාට පස්සේ ආනයනික ළූණු සදහා වසර පුරාම බද්ධක් ගහලා තියෙනවා.රට තුළ නිෂ්පාදනයේ අඩුවක් වුණොත් විතරයි අපි ඒ බද්ධ අඩු කරන්නේ.පහුගිය රජය කලේ ආනයනය කරන වෙලාවටයි බද්ධක් ගැහුවේ.ගේන වෙලාවේ අතර මැදියෝ දන්නවා දැන් ළූණූ ගැලවෙන කාලේ කියලා.ඊට කලින් ඒයාලා ළූණූ රටින් ගෙන්වනවා ගෙන්වලා ගොවියොන්ගේ ටික කුණු කොල්ලයට අරගෙන අර බදු ගැහුවාට පස්සේ අර බද්ධත් එකතු කරලා වෙලදපළට දාලා විකුණනවා.
 
දැන් අපි ඒක නවත්වලා තියනවා.දැන් අවුරුද්ද පුරාම බද්ධක් තියෙනවා.ඒ නිසා අපේ රටේ නිෂ්පාදනයට අවුරුද්ද පුරාම මිලක් තියෙනවා.මේ පාර ළූණූ වගාව අඩුවෙන් කරලා තියෙන නිසා ළූණූ වලට හොද මිලක් තියෙයි.ලබන කන්නයේ මුළු යායම ළූණූ මිල හොද නිසා ළූණූම හදනවා.හැබැයි රටේ අවශ්‍යතාව අපි කියමු ළූණූ ටොන් 10 000 යි කියලා, ගොවියෝ ටොන් 15 000 ක් හැදුවොත් ආණ්ඩුව ඉතිරි 5000  කන්න නෙමෙයිනේ, ඒ නිසා ගොවියෝ බෙදාගෙන අවශ්‍යය ප්‍රමාණය වගා කරන්න ඕන.
 
-අනුරාධපුර මධ්‍යම විශේෂ

අදහස් 2ක් ඇත

ekthara ingrisi lama kathawaka , texsaswala lunu wawapu afrikanu tharuna goviyekuta , texsas rasis suddo tika rathulunu wagakaruwawa mara damanawa, , rathulunu saha rata lunu athra wadi wenaak nathath rata lunu hari rich palanthiyak wage , mata danunath yuropayata rathulunu rich wage sudda hithanne, mema rasakaraka ahara drawya, puduma guna dena awusadayakiya, duminda mahatthaya mona katha kiyana wada mata nothereyi, ara texas kathawe lunu waga karuwata pahara dunna wage kathawak duminda mahatthya ape waga karuwanta kiyanne, hama gowi thanakma ekama kramaya noweyi lunu wagawa sithala palathwala wanna baha, eya simitha wagawak wuwada wadi prayojanawath wagawak lesa apita dakiya hakiya, ema nisa habarala onama kaleka wawuwath , lunu ehema wawanna barinisa amathita kiyanna oyalata lunu wagawata diya haki uparima saha yogaya denna kiyala! chande denna thawa kal thiyenawane!

ekthara ingrisi lama kathawaka , texsaswala lunu wawapu afrikanu tharuna goviyekuta , texsas rasis suddo tika rathulunu wagakaruwawa mara damanawa, , rathulunu saha rata lunu athara wadi wenaak nathath rata lunu hari rich palanthiyak wage , mata danunath yuropayata rathulunu rich wage sudda hithanne, mema rasakaraka ahara drawya, puduma guna dena awusadayakiya, duminda mahatthaya mona katha kiyana wada mata nothereyi, ara texas kathawe lunu waga karuwata pahara dunna wage kathawak duminda mahatthya ape waga karuwanta kiyanne, hama gowi thanakma ekama kramaya noweyi lunu wagawa sithala palathwala wanna baha, eya simitha wagawak wuwada wadi prayojanawath wagawak lesa apita dakiya hakiya, ema nisa habarala onama kaleka wawuwath , lunu ehema wawanna barinisa amathita kiyanna oyalata lunu wagawata diya haki uparima saha yogaya denna kiyala! chande denna thawa kal thiyenawane!

නව අදහස දක්වන්න