හොඳ මවුපියන් තමන් ගත් ණය දරුවන්ට ගෙවීමට ඉතිරි‍ කරන්ෙන් නෑ | දිනමිණ

හොඳ මවුපියන් තමන් ගත් ණය දරුවන්ට ගෙවීමට ඉතිරි‍ කරන්ෙන් නෑ

ශිරෝමි අබයසිංහ

හොඳ මවුපියන් තමන් ගත් ණය ගෙවීම දරුවන්ට ඉතිරි‍ නොකරන සේ රජයත් පවතින ණය ඉදිරි පරම්පරාවට ඉතිරි නොකරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

තමන්ගේ ණය ගෙවා දමමින් දරුවන්ට හොඳ අනාගතයක් ඇති කිරීම මවුපියන්ගේ යුතුකම බව පැවසූ අගමැති වික්‍රමසිංහ මහතා තරුණ තරුණියන්ට හොඳ අනාගතයක් උදා කර දීම රජයේ වගකීම බැවින් රටේ පවතින ණය ගෙවා තරුණ පරපුරට හොඳ අනාගතයක් ලබා දීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ තමා තීරණය කළ බව ද කීය.

ණය බර සහිතව රටට ඉදිරියට යාමට නොහැකි බව පෙන්වා දුන් අගමැති වික්‍රමසිංහ මහතා ණය ගෙවන විට බදු වැඩි කිරීමට සිදු වෙන බවත් බදු වැඩි වන විට ලබා ගන්නා ආදායම ජීවත් වීමට ප්‍රමාණවත් නොවන බවත් කීය.එම නිසා ණය කුමන අරමුණක් සඳහා ලබාගත්තත් එම ණය බර අනාගත පරම්පරාවට ඉතිරි නොකළ යුතු බවද 2020 වන විට ඒ සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කර, 2025 වන විට ණය ගෙවීම කිසිවෙකුටත් ගැටලූවක් නොවන වාතාවරණයක් ඇති කිරීමටත් කටයුතු කරන බව ද අගමැති වික්‍රමසිංහ මහතා පැවැසීය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා‍ මේ බව සඳහන් කළේ මොරටුව වේල්ස් කුමර විදුහලේ නව පිහිනුම් තටාංගය විවෘත කිරීමේ අවස්ථාවට පෙරේදා (01) සහභාගි වෙමිනි. 

නව අදහස දක්වන්න