විභාග මධ්‍යස්ථාන ආසන්නයේ ඩෙංගු මර්දන වැඩසටහන් | දිනමිණ

විභාග මධ්‍යස්ථාන ආසන්නයේ ඩෙංගු මර්දන වැඩසටහන්

සිතාරා සේනානි

මේ මස 8 වැනිදා ආරම්භ වන අ.පො.ස. උසස් පෙළ විභාගය සහ මේ මස 20 වැනිදා පැවැත්වෙන 5 ‍ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවන් ඩෙංගු රෝගයෙන් ආරක්ෂා කර ගැනීම සඳහා විභාග මධ්‍යස්ථාන ක්‍රියාත්මක වන පාසල්වල විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත.

විභාග කටයුතුවලට බාධා සිදුනොවන පරිදි, විභාග නොපැවැත්වෙන දිනවල අදාළ පාසල් ධූමායනය කරන ලෙස සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය, ජාතික ඩෙංගු මර්දන ඒකකය, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් හා විදුහල්පතිවරුන් දැනුවත් කර ඇත.

ඒ අනුව අධ්‍යාපන අමාත්‍යාංශයේ මඟ පෙන්වීම යටතේ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන් සහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන් සම්බන්ධ කර ගනිමින් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සහ අදාළ පාසල්වල විදුහල්පතිවරුන් විසින් මවුපියන්ගේ ද සහාය ඇතිව මෙම ඩෙංගු මර්දන වැඩසටහන ක්‍රියාත්මක කළ යුතුය.

මීම අමතරව විභාග පැවැත්වෙන වේලාවන්වල දී සිසුන් ඩෙංගු මදුරු දෂ්ටනයෙන් ආරක්ෂා කර ගැනීම සඳහා මදුරු විකර්ශන ආලේපන භාවිත කිරීම කෙරෙහි අවධානය යොමු කරන ලෙස විභාග කොමසාරිස් ජෙනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ.පුෂ්පකුමාර මහතා මවුපියන්ගෙන් ඉල්ලා සිටී.

නව අදහස දක්වන්න