පෙර සවි නිවාස ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නැයි උද්ඝෝෂණ | දිනමිණ

පෙර සවි නිවාස ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නැයි උද්ඝෝෂණ

විදේශ ආධාර මත ක්‍රියාත්මක කිරිමට යෝජිතව තිබියදි නවතා දැමුණු පෙර සවි නිවාස ව්‍යාපෘතිය වහා ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා නැගෙනහිර පලාතේ නිවාස අහිමි වුවන් ත්‍රිකුණාමලය ආණ්ඩුකාර කාර්යාලය ඉදිරිපිටදි අද (03) උද්ඝෝෂණයක් පවත්වනු ලැබිය.

ත්‍රිකුණාමලය, මඩකලපුව හා අම්පාර යන දිස්ත්‍රික්ක වල නිවාස අහිමිවුවන් විශාල පිරිසක් මෙම උද්ඝෝෂණයට එකතුවී සිටි අතර මෙම විරෝධතාවය ඊ.පි.ඩි.පි. සංවිධානය මෙහෙයවිය.

මෙහිදි විපක්ෂ නායක ආර්.සම්බන්ධන් මහතා ඇතුලු දෙමල සංධානය ජනතාව වෙනුවෙන් කිසිවක් ඉටු නොකරන බවද නිවාස අහිමිවුවන් මෙහිදි කියා සිටියහ.

ඊලාම් ජනතා ප්‍රජාතාන්ත්‍රවාදි පක්ෂය හෙවත් ඊ.පි.ඩි.පි.සංවිධානයේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් සංවිධායක ටි.පුෂ්පරාසා මඩකලපුව දිස්ත්‍රික් සංවිධායක එස්.සිවානන්දන්, අම්පාර දිස්ත්‍රික් සංවිධායක එස්.අකිරන් යන මහත්වරුද මෙම උද්ඝෝෂණයට සහභාගිවි සිටිම විශේෂත්වයකි.

උද්ඝෝෂණයෙන් අනතුරුව නැගෙනහිර ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතා වෙත නිවාස අහිමිවුවන්ගේ ගැටලු සම්බන්ධයෙන් සංදේශයක්ද භාරදෙනු ලැබිය.

නව අදහස දක්වන්න