සේරුනුවර පොලිසියෙන් පාසල් සිසුන් 30කට උපකරණ | දිනමිණ

සේරුනුවර පොලිසියෙන් පාසල් සිසුන් 30කට උපකරණ

ත්‍රිකුණාමලය විශේෂ ඒ. ටි. එම්. ගුණානන්ද

අපගේ සේවය නීතිය හා සාමය සුරැකිමට පමණක් සීමා නොවේ යන සංකල්පය මුල්කරගත් කන්තලේ කොට්ඨාස භාර පොලිස් අධිකාරි අජිත් හේසිරි මහතාගේ උපදෙස් මත ආර්ථික අපහසුතා ඇති සේරුනුවර ප්‍රදේශයේ දූ දරුවන් 30 දෙනකුට පාසල් උපකරණ පරිත්‍යාග කිරීමක් සිදු කෙළේය.

සේරුනුවර පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.ඒ.එස්.පී. මගලේගොඩ මහතා ඇතුළු ප්‍රජා පොලිස් ඒකකය මෙම උත්සවය සංවිධානය කළ අතර පාසල් උපකරණ සඳහා පූර්ණ අනුග්‍රහය ලබාදී තිබුණේ ප්‍රියදර්ශනී දැඩිගම ජනසහන පදනම මගිනි. එම පදනමේ ප්‍රියදර්ශනී දැඩිගම මහත්මිය හා පොලිස් අධිකාරි අජිත් හේසිරි යන මහත්ම මහත්මින් ප්‍රදේශයේ ආර්ථික අපහසුතා ඇති පාසල් සිසු සිසුවියන් 30 දෙනකුට මෙහිදි පාසල් උපකරණ ප්‍රදානය කෙරිණි. 

 

නව අදහස දක්වන්න