සයිටම් උද්ඝෝෂකයින්ගේ වාරණය දිග්ගැස්සෙයි - UPDATE | දිනමිණ

සයිටම් උද්ඝෝෂකයින්ගේ වාරණය දිග්ගැස්සෙයි - UPDATE

සයිටම් විරෝධී උද්ඝෝෂකයින්ට අරලියගහ මන්දිරය, අග්‍රමාත්‍ය කාර්යාලය, ඇමරිකානු තනාපති කාර්යාලය, ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය ඇතුළු ආයතනවලට පිවිසීම වළක්වාලමින්, කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.

ජනතාවට පීඩාවන පරිදි විරෝධය එපා - UPDATE

ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු රජයේ ආයතනවලට ඇතුළුවීම වළක්වාලමින් අධිකරණය විසින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයට තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

එමෙන්ම අදාළ නියෝගය මගින් තවදුරටත් සදහන් වන්නේ වාහන ගමනාගමනයට හා පොදු මහජනතාවට හිරිහැර නොවන ලෙස කටයුතු කරන්නැයි අධිකරණය විසින් නියෝග කළ බවයි.

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් සංවිධානය කර ඇති විරෝධතා පාගමන අද දිනයේ කොළඹ නගරයට පැමිණීමට නියමිතව ඇති බැවින් එයින් මහජනතාවට සිදුවිය හැකි පීඩා සම්බන්ධයෙන් පොලීසිය විසින් අධිකරණයට කරුණු දක්වා තිබේ.

 

නව අදහස දක්වන්න