ඉන්දියාවේ නිවාස ගිනිගැනීම් ඉහළට | දිනමිණ

ඉන්දියාවේ නිවාස ගිනිගැනීම් ඉහළට

නිසි අවධානය නොමැතිකමින් ඉන්දියාවේ නිවාසවල ගිනිගැනීම් දිනෙන් දින ඉහළ යන බව එරට වාර්තා සඳහන් කරයි.

ඔඩීෂා ප්‍රාන්තයේ ඇතිවූ මෙවැනි ගිනි ගැනීමකින් එකම පවුලේ පස් දෙනෙකු ජීවිතක්‍ෂයට පත්විය. නිවසේ දෙවන මහලේ හටගත් ගින්න නිවස පුරා පැතිර ගොස් තිබුණි. දෙදෙනෙකු මිය ගොස් ඇත්තේ දුම ආඝ්‍රහනය වීමෙනි. විදුලි හෝ ගෑස් කාන්දුවක් ගින්නට හේතුව විය හැකි බවට විශ්වාස කෙරේ.

නිවාසවල ගෑස් භාවිත කිරීමේ දී දක්වන අඩු සැලකිල්ල හේතුවෙන් ඉන්දියාවේ සිදුවන අනතුරු වැඩි බව එරට වාර්තා සඳහන් කරනු ලැබේ.

නව අදහස දක්වන්න