අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු දිවියට වසර 40 පිරීම නිමිත්තෙන් විශේෂ බෝධි පූජා පිංකමක් | දිනමිණ

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු දිවියට වසර 40 පිරීම නිමිත්තෙන් විශේෂ බෝධි පූජා පිංකමක්

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු දිවියට වසර හතළිහක් පිරීම නිමිත්තෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ පිහිටි බෝධි මළුවේදී ඊයේ (4) විශේෂ බෝධි පූජා පිංකමක් පැවැත්විණි. එහිදි මහා සංඝරත්නය අගමැතිවරයාට සෙත් පතා පිරිත් නූල් ගැට ගැසූ අවස්ථාව. මහාචාර්ය මෛත්‍රි වික්‍රමසිංහ මහත්මිය සහ කතානායක කරූ ජයසූරිය මහතාද ජායාරූපයේ වෙති. මේ අවස්ථාවට පාර්ලිමේන්තුව නියෝජනය කරන මැති ඇමතිවරුන්, පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ. ජායාරූපය- තිලක් පෙරේරා

නව අදහස දක්වන්න