දේශීය ආදායම් පනත් කෙටුම්පතේ සමහර වගන්ති ව්‍යවස්ථාවට පටහැණියි | දිනමිණ

දේශීය ආදායම් පනත් කෙටුම්පතේ සමහර වගන්ති ව්‍යවස්ථාවට පටහැණියි

ස්වර්ණා විජේකෝන්
රෝෂන් තුෂාර
සන්ධ්‍යා කරුණාරත්න

කතානායක පාර්ලිෙම්න්තුවට දැණුම් ෙදයි

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කැර ඇති දේශිය ආදායම් පනත් කෙටුම්පතෙහි වගන්ති පහක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි බවත් එහි වගන්ති තුනෙන් දෙකෙහි බහුතරයෙන් හා ජනමත විචාරණයෙන් සම්මත කළ යුතු බවත් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කැර ඇති බව කතානායක කරූ ජයසූරිය මහතා පාර්ලිමේන්තුවට ඊයේ (4) දැනුම් දුන්නේය.

දේශීය ආදායම් පනත් කෙටුම්පත පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් කතානායකවරයා මේ බව සඳහන් කෙළේය.

මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුව ඉදිරිපත් කැර ඇති අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව අනුව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊට එරෙහිව පෙත්සම් ‍ගොණු කැර තිබිණ.

ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය කතානායකවරයා ඉදිරිපත් කෙළේය.දේශිය ආදායම් පනතේ 97,98 සහ 100(1) ඉ වගන්තිය අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල ( පටහැනි) හා 167

වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12, 13 සහ 14(1) (ඌ) හා (එ) ව්‍යවස්ථාවට අනනුකූල බවත් සඳහන් කෙළේය. 

නව අදහස දක්වන්න