කසුන් පලිසේන බැදුම්කර කොමිසට දුරකථනය භාරදෙයි | දිනමිණ

කසුන් පලිසේන බැදුම්කර කොමිසට දුරකථනය භාරදෙයි

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිළධාරී කසුන් පලිසේන බැදුම්කර ගනුදෙනු විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසමේ පරීක්ෂණ සදහා සිය දුරකථනය භාරදෙයි.

ඔහුගේ ජංගම දුරකථනය ඇතුළු ඩිජිටල් උපකරණ කොමිසම හමුවට ලබාදෙන ලෙස නියෝග කර ඇත්තේ නීතිපති දෙපාර්තමේන්තුව මගින්. 

එහෙත් ඔවුන්ට එවැනි බලයක් ඇත්ද යන්න ගැටලූ සහගත බව ඔහුගේ නීතිඥවරයා අද කොමිසම හමුවේ කියා සිටියේය. 

කෙසේ වෙතත්, ඉන් අනතුරුව ඔහුගේ ජංගම දුරකථනය මෙලෙස කොමිසම වෙත භාරදී ඇති බව ද වාර්තාවේ.

නව අදහස දක්වන්න