මහනුවර අවසන් රන්දෝලි පෙරහර අද | දිනමිණ

මහනුවර අවසන් රන්දෝලි පෙරහර අද

මහනුවර ඇසළ පෙරහරේ අවසන් රන්දෝලි මහ පෙරහර අද (07) රාත්‍රී වීදී සංචාරය කරයි.

සධාතුක කරඬුව වැඩම කරන මංගල හස්තිරාජයා පාවාඩ හා උඩුවියන් සහිතව අද පෙරහරේ ගමන් කිරීම විශේෂත්වයකි.

අවසන් රන්දෝලි මහ පෙරහර දළදා මාලිගාව අබියසින් දකුණු දිශාභිමුඛව රාත්‍රී 7.53 ට ගමන් ආරම්භ කර දළදා වීදිය, යටිනුවර වීදිය, කන්දේ වීදිය, ඩී.එස් සේනානායක වීදිය ඔස්සේ ගමන් ගෙන රජ වීදියෙන් ඉහළට විත් ගෙවැදීමට නියමිතය. ශ්‍රී දළදා මාලිගාව අබියසින් හෙට 08 දින අලුයම 1.15 ට දළදා මාලිගා පෙරහර සතර මහ දේවාලයන්හි පෙරහරත් සමඟ පිටත්ව අස්ගිරිය ගෙඩිගේ විහාරස්ථානය වෙත ගමන් කරයි.

සධාතුක කරඩුව ගෙඩිගේ විහාරස්ථානයේ තැන්පත් කිරීමෙන් පසු සතර මහ දේවාල පෙරහැර ගැටඹේ දියකපනා තොට වෙත ගොස් එහිදී දියකැපුම් මංගල්‍යය සිදුකරයි. හෙට දහවල් පෙරහර පැවැත්වීමෙන් පසු මෙවර මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය නිමාවට පත්වේ. 

අදහස් 1ක් ඇත

rate jathika saha, agamika wasthuwak lesa , sada api bathimath wemu!

නව අදහස දක්වන්න