කතරගම අවසන් මහ පෙරහර අද | දිනමිණ

කතරගම අවසන් මහ පෙරහර අද

කතරගම දේවාලයේ අවසන් මහා පෙරහර අද (07) වැනි දින අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වේ.

අද රාති‍්‍ර 7.45 ට කතරගම දෙවියන් වැඩමවා ගත් වාසනා හස්තියා පෙරටු කරගෙන මහා පෙරහර කිරිවෙහෙර වෙත වීදි සංචාරය කරයි.

කිරිවෙහෙර වෙත පෙරහර පැමිණිමෙන් අනතුරුව කිරිවෙහෙර රාජමහා විහාරයට අයත් කරඩුව හස්තියා පිට තැන්පත් කිරීම බස්නායක නිලමේ ඞී පී කුමාරගේ මහතා විසින් සිදු කිරීමෙන් අනතුරුව විශේෂිත වු ආගමික වැඩ සටහන ආරම්භ වෙයි.

කතරගම දේවාලයට ලැබුණු පුද පඩුරු වලින් කොටසක් කිරිවෙරෙ විහාරාධිපති කොබවක ධම්මින්ද හිමියන්ට පුජා කිරිමෙන් පසුව ආගමික වතාවත් සිදු කර දේවාලයේ පිරිත් නිලයේ භාර කාර කොබවක ධම්මින්ද හිමියන් විසින් විශේෂිත වු අනුශාසනාව පවත් වනු ලබයි. පෙරහර කදවුරු භාර නිලධාරිනි මොනරාගල දිසා ලේකම් ඩී. එස් පත්මා කුලසුරිය මහත්මිය සියලූම රාජ්‍ය ආයතනවල හා පෙරහර සංවිධානය කළ සැමට තුති පිදීම සිදු කර පෙරහර නිමාව සනිටුහන් කරයි.

එම චාරිත්‍ර ඉටු කිරීමෙන් පසුව පෙරහර නැවත දේවාල භුමියට පැමිණ පිට වීදිය ඔස්සේ වල්ලි අම්මා දේවාලයට ගොස් චාරිත්‍ර ඉටු කර නැවත මහා විදිය ඔස්සේ දේවාලයට පැමිණීමෙන් පසු 2017 ඇසල මංගල්‍යයේ පෙරහර නිමාවට පත්වේ. හෙට 08 වැනි දින උදැසන මැණික් ගෙග් ජීවමාලි තොටුපොළේ දි දිය කැපීමේ මංගල්‍යයෙන් ඇසළ පෙරහරේ සියලූම චාරිත්‍ර අවසන් වේ .

කතරගම සංචාරක 

නව අදහස දක්වන්න