එකට එක කරනවා -උතුරු කොරියාව | දිනමිණ

එකට එක කරනවා -උතුරු කොරියාව

තම රටට එරෙහිව නව සම්බාධක පැනවීම වෙනුවෙන් "එකට එක" කරන බවට උතුරු කොරියාව තරයේ පවසා ඇති බව විදෙස් වාර්තා පවසයි.

අලුතින් තහංචි දැමීම හේතුවෙන් "එක්සත් ජනපදය විසින්ම වන්දි ගෙවීම සිදුවන ආකාරයට" තමන් කටයුතු සලස්වන බවට උතුරු කොරියාව සපථ කර සිටියේය.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් ඒකඡන්දයෙන් සම්මත කරනු ලැබූ මෙම සම්බාධක තම රටේ "ස්වෛරීභාවය සාහසික ලෙස උල්ලංඝනය කිරීමක්" බව උතුරු කොරියාවේ KCNA නිල පුවත් සේවය පවසයි.

මේ අතරතුර උතුරු කොරියාව කියා සිටියේ සාකච්ඡා නැවත ආරම්භ කිරීම සඳහා තමන් කළ යෝජනාව "අවංක යෝජනාවක් නොවන" බව පවසමින් උතුරු කොරියාව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇති බවය.

පසුගිය සෙනසුරාදා (අගෝස්තු 05) පනවනු ලැබූ නව සම්බාධක හේතුවෙන් උතුරු කොරියාවේ අපනයන ආදායම තුනෙන් එකකින් පහත වැටෙනු ඇත.

(බී.බී.සිය ඇසුරෙනි)

නව අදහස දක්වන්න