සජින්ගේ සහ යන්තිවේල්ගේ බැංකු ගිණුම් 15ක වාර්තා ගැනීමට අවසර | දිනමිණ

සජින්ගේ සහ යන්තිවේල්ගේ බැංකු ගිණුම් 15ක වාර්තා ගැනීමට අවසර

සුභාෂිණී සේනානායක

තම දේශපාලන බලය උපයෝගී කර ගනිමින් කොටස් වෙළෙඳ පොළේ අයථා ලෙස මුදල් ඉපයීම තුළින් මුදල් විශුද්ධිකරණය, රාජ්‍ය දේපල සාවද්‍ය පරිහරණය කිරීම, විශ්වාසය කඩ කර ඇති බැවින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා සහ සිලෝන් ටී සර්විසස් ආයතනයේ හිමිකරුවන ටී. ඉයන්තිවේල් යන දෙදෙනාට අයත් සම්පත් බැංකුවේ ගිණුම් 4ක් සහ අනෙකුත් බැංකුවල ගිණුම් 11 ක් සම්බන්ධයෙන් වාර්තා ලබා ගැනීමට කොළඹ මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය කොටුව අධිකරණයෙන් සිදු කළ ඉල්ලීමට කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අවසර ලබා දුන්නාය. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාට සහ සිලෝන් ටී සර්විසස් ආයතනයේ හිමිකරුවකුට එරෙහිව ඊයේ කොළඹ මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මේ සිද්ධිය සම්බන්ධයෙන් කොටුව අධිකරණයට කරුණු වාර්තා කළේය. 

නව අදහස දක්වන්න