පෙර රජ දවස මෙන් බෞද්ධ ප්‍රබෝධය යළි මෙරට ඇති කරනවා | දිනමිණ

පෙර රජ දවස මෙන් බෞද්ධ ප්‍රබෝධය යළි මෙරට ඇති කරනවා

රාජ්‍ය ඇමැතිවරයා මවුගුණ සෑය චෛත්‍ය සසුනට පූජා කරමින්

පෙර රජ දවස මෙන් නැවත මෙරට බෞද්ධ ප්‍රබෝධය ඇති කර රට සංවර්ධනයට මෙන්ම ආගමික පුනර්ජීවනය වෙනුවෙන් වැවයි, දාගැබයි, ගමයි, පන්සලයි සංකල්පය ක්‍රියාත්මක කිරීමට සියලු ආකාරයෙන් කටයුතු කරන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධනය රාජ්‍ය ඇමැති, හම්බන්තොට දිස්ත්‍රික් සම්බන්ධීකරණ කම්ටුවේ සම සභාපති දිලිප් වෙදආරච්චි මහතා අවධාරණය කළේය.

රාජ්‍ය ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ සිය පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් පසුගිය දා (07) හම්බන්තොට පල්ලෙමලල නාලන්දාරාම විහාරයේ අභිනවයෙන් ඉදි කළ මවුගුණ සෑය චෛත්‍ය රාජයාණන් වහන්සේ සසුනට පුජා කිරීමෙන් අනතුරුව පැවැති උත්සව සභාව අමතමිනි.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය ඇමැතිවරයා මෙසේ ද කීය.

"මේ වැඩපිළිවෙළට දිස්ත්‍රික්කයේ නායකයා වන සජිත් ප්‍රේමදාස මහතාගේ සහාය ද ලබා ගන්නවා. මේ සඳහා ආධාර එකතු නොකර කැමැත්තෙන් ඕනෑම අයකුට සහාය වීමට අවස්ථාව සලසා දුන්නා. ඇත්තෙන්ම මට මේ දේ කර ගන්න පුළුවන් වුණේ මහා සංඝරත්නයේ ආශිර්වාදය සහ නිරතුරුව ලබාදෙන උපදෙස් අනුශාසනා නිසයි. මගේ සහෝදර ජනතාව මේ කටයුත්ත කරගැනීමට විශාල සහායක් ලබා දුන්නා. පල්ලෙමලල විහාරස්ථානයට යාබදව ඇති වැව ප්‍රතිසංස්කරණ කර ජලයෙන් පිරවීමට කටයුතු කරනවා. මේ වැඩපිළිවෙළ සමස්ත හම්බන්තොට දිස්ත්‍රික්කය පුරාම ක්‍රියාත්මක කිරීම මගේ අපේක්ෂාවයි."

නව අදහස දක්වන්න