චීනයේ ප්‍රබල භූකම්පනයක් - 09ක් මරුට | දිනමිණ

චීනයේ ප්‍රබල භූකම්පනයක් - 09ක් මරුට

නිරිත දිග චීනයේ සිචුවෑන් පළාතේ භූ කම්පනයක් හටගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

ඉන් අවම වශයෙන් පුද්ගලයින් 05දෙනෙකු මියගොස් තවත් විශාල පිරිසක් මේ වනවිට තුවාල ලබා ඇති බව ය.

භූ කම්පනයේ ප්‍රභලත්වය මැග්නිටියුඩ් ඒකක 6.5ක් ලෙස සටහන් වී තිබේ.

ඇතැම් වාර්තාවන්ට අනුව මියගිය පිරිස මීට වඩා බොහෝ සෙයින් ඉහළ යා හැකි බව බී.බී.සී මාධ්‍ය වාර්තා කළේ ය.

විදෙස් වාර්තාවන්හි දැක්වෙන්නේ සංචාරකයින් බහුල ප්‍රදේශයක මෙම භූ කම්පනය හටගෙන ඇති බව ය.

ඊයේ රාත්‍රී 09.20ට පමණ මෙම භූ කම්පනය සිදුව ඇති අතර පළාත් අගනුවර වන චෙන්ග්ඩු අගනුවරට උතුරු දෙසින් කිලෝමීටර 10ක ගැඹුරු මට්ටමින් මෙම කම්පනය සිදුවී ඇත.

විදෙස් වාර්තාවන්හි දක්වා ඇත්තේ ප්‍රදේශයේ ඇතැම් ගොඩානැගිලි රැසකට ද හානි සිදුව ඇති බවයි.

සිචුවෑන් පළාත බොහෝ ලෙස භූකම්පනවලට ගොදුරු වන නගරයක් ලෙස සැලකෙන අතර විදෙස් වාර්තාවන්හි දක්වා ඇත්තේ 2008 වසරේදී චීනයට බලපෑ භූ කම්පනයකින් පුද්ගලයින් 70,000කට වැඩි පිරිසක් මියගිය බවය.

නව අදහස දක්වන්න