මැණික් මාරක වීම | දිනමිණ

මැණික් මාරක වීම

මැණික් පැළදීම ඈත අතීතයට දිව යන පුරුද්දකි. අපල උපද්‍රව දුරු කිරීමට මැණික් සතුව ඇතැයි කියන බලයද විශේෂ වේ. එහෙත් හරියට නොදැන මැණික් පැළදීමෙන් ඇති කරදර පවා ගෙන දිය හැක.

ඒ අනුව සෙනසුරු යෝග කාරකයෙක් වූයේ නම් කාක නිල පැළඳීමෙන් එවැනි පුද්ගලයාට ඉතා උසස් අන්දමින් සුබ සිද්ධිය උදා වෙනවා ඇත. එය අද ලාංකීය සමාජයේ දක්නට ඇත. ගෝචර ගමනින් සෙනසුරු 12, 1, 2, 8, භාවවල ගමන් කරමින් ඒරාෂ්ඨකය උදා වුවත් එවැනි පුද්ගලයින්ට එහි බලපෑම අවම වේ. ඒරාෂ්ඨකයේදීත් නොසිතූ යහපත උදාවේ. එයට හේතුවන්නේ එවැනි ඡන්මීන් සංසාරිකව පෙර ආත්මයේදීත් මෙම ආත්මයේ දීත් යහපත් සිල්වත් ජීවිතයක් ගත කර ඇති නිසාය.

සෙනසුරු පමණක් නොව අනෙකුත් ග්‍රහයින්ද සංසාරික පාපකර්ම කළ ඡන්මීන්ට අපල විපත් ගෙන ඒමට මුල් වේ. විශේෂයෙන් රාහු, කුජ, රවි අව සඳු ආදී ග්‍රහයින් දරුණු ඛේදවාචකවලට ඡන්මීන් යොමු කරන්නේ දරුණු පාප කර්මවල විපාක දඩුවම් වශයෙනි. ගස්වල උස් ස්ථානවල සැඟ වී සිටින සතුන් මරා කන අධමයින්ට රාහු විපාක දෙන්නේ ගසෙන් බිමට පතිත කරවීමෙනි සතුන් යට කරමින් යන රියදුරන් අනතුරට පත් කරන්නේ කුජ ග්‍රහයාය.

සතුන්ට ගිනි බිඳීම්, ගින්දරට ඇද දැමීම්, පිලිස්සීම්, කිරීමේ පාපකර්ම කළ අධමයින්ට ගින්නෙන් පිලිස්සී අනතුරු ඇති කරන්නේ රවි ග්‍රහයාය. මෙවැනි පාප කර්ම නම් මැණික් ගලෙන් වැළැක්විය නොහැක. මීළගට ලග්න අනුව සිල්වත් පුදගලයා ආරක්ෂා කරන ග්‍රහයා සොයා ඒ අනුව අවශ්‍ය කරන මැණික් මොනවාද යන්න බලමු.

කන්‍යා ලග්නයේ අධිපති බුධ සෙනසුරුට අති මිත්‍රයෙකි. සතුරන් මිතුරු කරවන සිල්වත් පුද්ගලයාට කන්‍යා ලග්නය හිමියාට සෙනසුරු රාජ යෝග දෙමින් නොමැකෙන ස්ථාවර පදනමක් ලබාදෙනු ඇත. එම නිසා කාක නිලත් පච්ච ගලත් එකට යකඩ තඹ මිශ්‍ර ලෝහයකින් මුදුව සාදා පළඳින්න. කුජ, කන්‍යා ලග්නයට තුන්වැන්න අටවැන්න හිමි වීමෙන් මාරක ගෙන එනවා ඇත.

එම නිසා තද රතු ගල් ඔහුට මාරක කිරණයක් විහිදුවා අසුබ මාරක ගෙන ඒ. ගුරු ග්‍රහයා නිතර ලෝකෝත්තර සිතිවිලි දියුණුකරමින් ලෞකිකත්වයෙන් ඈත් කරනු ඇත. මතු භවයට එය සුබ දායක වේ.

තුලා ලග්නයේ ලග්නාධිපති සිකුරු සමඟ වයසට ගියත් අත් නොහරින සෙනසුරු අති මිත්‍ර වේ. ආරක්ෂක ග්‍රහයා වශයෙන් සෙනසුරු තුලා ලග්නය හිමියාට ලෞකික ලෝකෝත්තර සැප දෙකම සීමාවකට ලබා දෙයි. සෙනසුරු ඒරාෂ්ඨකයේදී වුවත් චන්ද්‍රයා කිට්ටුවෙන් නැති නම් තුලා ලග්නය හිමියාට ලෝකෝත්තර සැප පෙන්වා දෙමින් ආරක්ෂා කරනු ඇත.‍ ඒ නිසා නිල් ගලක් යකඩ හෝ පස් ලෝ මුදුවකට අල්ලා පළඳින්න. බුධ ග්‍රහයාද පාපියකුට සංයෝග නොවූයේනම් තීක්ෂණ බුද්ධිය ඇතිකර තුලා ලග්න හිමියාට යහපත උදා කර දෙනවා ඇත.

වාශ්චික ලග්නයට බුධ. සිකුරු පාපයෝ වෙති. ලග්නාධිපති වුවත් කුජද පාපියෙකි. සෙනසුරුද සතුරු ග්‍රහයෙකි. පුර සඳු හා ගුරු වෘශ්චික ලග්න හිමියාට නිතර ආරක්ෂාව සලසන ග්‍රහයෝ වෙති. ඒ නිසා සිලවත් භාවයෙන් සිටින වෘශ්චික ලග්නය හිමියාට පමණක් පුෂ්පරාග ගල පැළඳීමෙන් යහපත සැලසේ.

රතු මැණික්, පච්ච, සුදු ගල් ආදී පැළඳමෙන් පෙරකම් පලදීම ඉතා පහසුවෙන් සිදුවේ. මෙලොව පාපකර්මවල යෙදෙන වෘශ්චික ලග්න හිමියාට සෙනසුරු විසින් නියම දඬුවම් ලබා දෙනු ඇත. සෙනසුරුගෙන් බේරීමට කාක නිල පැළඳීමෙන් වැඩක් නොවේ. කර්මඅපල පලදීමට කාක නිලද පිටිවහලක් වේ.

ධනු ලග්නයේ අධිපති ගුරු තමන්ගේ ආරක්ෂාව තමන් විසින්ම සලසා ගනී. ලෝකෝත්තර සිතුවිලි මත කටයුතු කරමින් අදහන ආගම ධර්මයට මුල් තැන දෙමින් ජීවිතය හැසිරවීම නිසා ගල් පැළඳීමක් අවශ්‍ය නැත. නමුත් පෙර ආත්මයක තද බල අකුසල පාප ක්‍රියාවක් නිසා ගුරු 8, 6 භාවයක පාපීන් සමඟ අති දූර්වල වී සිටී නම් පුෂ්පරාග ගලක් හා පද්ම රාග ගලක් පිත්තල මුදුවකට අල්ලා පැළඳීම යහපත් වේ.

මකර ලග්නයට එකම සුබ ආරක්ෂක ග්‍රහයා වශයෙන් සිකුරු දැක්විය හැකිය. නවය අධිපති බුධ ග්‍රහයාද මකර ලග්නය හිමියාට පිහිට වේ. ලග්නාධිපතියා වුවත් සෙනසුරු අටවැන්නේදී තද බල මාරක ගෙන එනු ඇත. කුජ ගුරු සඳු ද අසුබ පල දෙනු ඇත. මේ අනුව සිකුරු දහය පහ අධිපති බැවින් නිරතුරුවම මකර ලග්නය හිමියාව ආරක්ෂා කරනු ඇත. එම නිසා සුදු මැණිකක් රිදී මුදුවකට අල්ලා පැළඳීමෙන් ඡන්මියාව ආරක්ෂා වේ. පෙර ආත්මයේ අකුසල කර්ම මත සිකුරු දුර්වලවී නම් මැණික් පැළඳීමෙන් වැඩක් නැත. ධාර්මික ජීවිතය එකම පිළිවෙත වේ.

රවි සදු , කුජ කුම්භ ලග්නයේ අපල උදා කරන්නෝ වෙති. විවාහ කරදර සතුරු කරදර, රෝග සහෝදර හානි ගෙන ඒමට ඉහත ග්‍රහයෝ සමත් වෙති. මේ සියලු කරදරවලින් සහනයක් ලබා දීමට සිකුරු කුම්භ ලග්න හිමියාට මුල් වේ. ඒ නිසා සුදු මැණිකක් රිදී මුද්දකට අල්ලා පළඳින්න.

රතුගල්, කාකනිල්, පත්මරාග මෙම මැණික් පැළඳීමෙන් අයහපත මිසක් යහපතක් ඇති නොවේ. ඒ කෙසේ වෙතත් මෙලොව වශයෙන් සිල්වත් ජීවිතයකට යොමුවී සිටිය යුතුය. එසේ නොවුවහොත් සිකුරුට සුදු මැණික් පැළඳීමෙන්ද පලක් නැත.

මීන ලග්නය හිමියාගේ සුබ ග්‍රහයින් වශයෙන් ගුරු සදු, කුජ ප්‍රධාන වේ. අනෙකුත් ග්‍රහයින් මාරක ග්‍රහයෝය. විශේෂයෙන්, ශනි, සිකුරු, රවි, බුධ නිතර අසුබ පල දෙමින් මාරකද ගෙන එයි. එම නිසා තඹ මුදුවකට පුෂ්ප රාග ගලක්, මුතු ඇටයක්, රතු ගලක් අල්ලා පලදින්න. ධාර්මික පිළිවෙත්හි වඩ වඩා යෙදෙන්න. අධර්මයෙන් ඈත් වන්න. නැතිනම් පුෂ්පරාග ගලත් මාරක ගලක් විය හැක.

මෙතෙක් විස්තර කළ කරුණු ලග්න 12ටම පොදුවන අතර කිනම් ලග්නයකින් උපන්නත් එලොව මෙලොව දෙකේදීම පාප කර්ම සිදුකර ඊට ප්‍රතිවිපාක ලැබෙන විට. ඒවා නැවැත්වීමට මැණික්වලට බැරි බවත් ධාර්මිකව ජීවත්වන පුද්ගලයාට තාවකාලිකව සිදුවන සුළු අපහසුතාවන් සඳහා කේන්ද්‍රයේ බලවත් සුබ ග්‍රහයාට හිමි මැණික පැළදීමෙන් සහනය ලබා දෙන බව තව දුරටත් පවසමි.

පාප කර්මයේ යෙදෙන්නාට කාක නිල පමණක් නොව සෑම ගල් වර්ගයක්ම අසුබ පල ගෙන දෙනවා ඇත. එම නිසා මා මෙහි ලග්න 12ටම පෙන්වා ඇති ගල් වර්ගවලින් යහපත් ධාර්මික පුද්ගලයාට පමණක් සුබදායි වේ.

ජ්‍යෝතීර්වේදී
කේ.බී. පතිරණ

නව අදහස දක්වන්න