හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක යළි රිමාන්ඩ් | දිනමිණ

හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක යළි රිමාන්ඩ්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගනු ලැබූ නාවික හමුදා හිටපු මාධ්‍ය ප්‍රකාශක, කොමදෝරු ඩී.කේ.පී දසනායක අගෝස්තු 24 වන දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
 
ඒ කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය ලබා දී ඇත.
 
2008-2009 කාලයේ කොළඹ ප‍්‍රදේශයේ දී තරුණයින් 11 දෙනෙකු පැහැර ගෙන ගොස් ඔවුන්ව නීතිවිරෝධී ලෙස රඳවා තබා ගෙන අනතුරුව අතුරුදන් කිරීම සම්බන්ධයෙන් සිදු කරනු ලැබූ විමර්ශනවලට අදාළව මොහු අත්අඩංගුවට ගන්නා ලදී.
 
 

නව අදහස දක්වන්න

Or log in with...