නාමල් - සුජීව විවාදයට රූපවාහිනිය සූදානම් | දිනමිණ

නාමල් - සුජීව විවාදයට රූපවාහිනිය සූදානම්

හම්බන්තොට වරාය ගිවිසුමට අත්සන් තැබීම සම්බන්ධව මුහුණට මුහුණලා සංවාදයකට පැමිණෙන මෙන් රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පාර්ලිමේන්තු මන්තී‍්‍ර නාමල් රජපක්ෂ මහතාට කර ඇති අභියෝගයට අනුව එම සංවාදය සජීව ලෙස විකාශය කිරීමට ජාතික රූපවාහිනිය සූදානම්ව සිටී.
 
හම්බන්තොට වරාය ගිවිසුමට අත්සන් තැබීමට සම්බන්ධව පාර්ලිමේන්තු මන්තී‍්‍ර නාමල් රාජපක්ෂ මහතා තමන්ගේ වේදිකාවල කෑ මොරදීම ”පාළු ගෙයි වළං බිදීමක්” යැයි පවසන රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා ගිවිසුමේ සත්‍ය අසත්‍යතාවය රටට හෙළි කිරීමට සජීවී රූපවාහිනී වැඩ සටහනකට පැමිණෙන ලෙස නාමල් රාජපක්ෂ මන්තී‍්‍රවරයාට අභියෝග කර තිබිණ.
 
මේ සංවාදය සදහා තමන් සමග පාර්ලිමේන්තු මන්තී‍්‍ර මුජිබර් රහුමන් මන්ත‍්‍රීවරයා ද සහභාගී වන බවත්, නාමල් මන්තී‍්‍රවරයාට  ඕනෑම නියෝජිතයෙකු කැදවාගෙන එන ලෙසට ද දැනුම්දී ඇත.
 
මෙම සංවාදය රටේ ජනතාවට නැරඹීමට ජාතික රූපවාහිනියේ 14 සදුදා දින රාතී‍්‍ර 10.15 ට විකාශය වන ”ඇත්ත නැත්ත” සජීවී දේශපාලන සංවාද වැඩ සටහන දැනටමත් වෙන්කර ඇති බව ජාතික රූපවාහිනිය පවසයි.
 
ඇත්ත කියන්නේ කවුද? ජනතාව රවටන්නේ කවුද? හම්බන්තොට වරාය පිළිබදව නාමල් රාජපක්ෂ මහතාගේ පියාගේ කාලයේ චීනය සමග අත්සන් කළ ගිවිසුම් පිළිබදවද මෙම සංවාදයේදී සාකච්ඡුා කළ හැකි බව සුජීව සේනසිංහ මහතා වැඩිදුරටත් දන්වා සිටී.
 
එබැවින් මේ අභියෝගය බාරගෙන වටිනා අවස්ථාව මග නොහැර පැමිණෙන ලෙස ඔහු නාමල් රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා ඇති බව ජාතික රූපවාහිනියටද දැනුම් දී ඇත.
 

අදහස් 2ක් ඇත

hoda ath dakimak namalta wiwadaya gana biya nowanna!

Mujib Rahman is useless at any debate. All he does is shout and interrupt his opponent/s. Bet Senarathna chose him just for that reason, so by shouting and going back over a list of alleged Rajapakasa past 'deeds' he will be able to distract Namal from the debate proper. Clever ploy, huh. Why not just have the debate with Namal only?

නව අදහස දක්වන්න