ලෝ ප්‍රකට රූකඩ ශිල්පී චාර්ලිස් ගුරුන්නාන්සේ දිවියෙන් සමුගනී | දිනමිණ

 ලෝ ප්‍රකට රූකඩ ශිල්පී චාර්ලිස් ගුරුන්නාන්සේ දිවියෙන් සමුගනී

 ලෝක ප්‍රකට පාරම්පරික රූකඩ ශිල්පියකු වන අම්බලන්ගොඩ විහාරගොඩ වතුගෙදර පදිංචි කලාභූෂණ එස්. චාර්ලිස් ද සිල්වා කලාකරුවා (හිඹුටුගොඩ) අභාවප්‍රාප්ත විය.මිය යනවිට ඔහුගේ වයස අවුරුදු 96 කි.

ශ්‍රී ලාංකේය රූකඩ කලාවේ සින්නගුරු පරම්පරාවේ පතාකයකු වන චාර්ලිස් ගුරුන්නාන්සේ දෙස් විදෙස් සංචාරකයන් අතර ජනප්‍රිය රූකඩ ශිල්පියකු වන අතර සංස්කෘතික අමාත්‍යාංශය ඇතුලු රාජ්‍ය ආයතන වලින් රූකඩ කලාවට සිදුකළ මෙහෙය සම්බන්ධයෙන් ගෞරව ප්‍රනාම සම්මාන වලින් පිදුම් ලබා ඇති කලාකරුවෙකි.

දරුවන් 05 දෙනකුගේ පියකු වන ඒ මහතාගේ දරුවන් තිදෙනකු මිය ගොස් ඇති අතර දියණියක වන එස්. චිත්‍රලතා මහත්මිය මේ වන විට සින්නගුරු පරම්පරාව නියෝජනය කරමින් රූකඩ කලාවේ නියැලී සිටින්නීය.චාර්ලිස් කලාකරුවානන්ගේ අවසන් කටයුතු අද (10 ) තොටවත්ත ආදාහනාගාරයේදී සිදුකෙරේ.

ඡායාරූපය - ගාල්ල දිස්ත්‍රික් සංචාරක

නව අදහස දක්වන්න